Back to home
Alerte infoPolitical

ආනන්ද විජේපාලට සජීවනී අබේකෝන් ගැන හිතේ අමාරුවක් හැදිලා. .

ආනන්ද විජේපාලට සජීවනී අබේකෝන් ගැන හිතේ අමාරුවක් හැදිලා. .

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා කුරුණෑගලදී නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන හමුවී "සූර සරදියෙල්" පාට් එකක් දමා ඇතැයි අනාවරණය වේ. මේ තොරතුර අතේ පැලවෙන බොරුවක් බව පවසන්නට විජේපාල පාර්ශවයට බැරි කමක් නැත.

එහෙත් තොරතුර සත්‍යය බව අපි හොඳින් දනිමු.


යන යන තැනදී පොලීසියේ උන්, සීරුවට පැමිණ ගහන සැලියු⁣ට් එක නිසා කෙමේරේඩ් ආනන්ද විජේපාලට අමුතු චූන් එකක් වැළඳීම සාමාන්‍ය දෙයකි.


එහෙත් මේ මාන්නක්කාර ලෙඩේ වැළඳීීම මාලිමාවේ ප්‍රතිපත්ති වලට කිසිසේත්ම නොගැලපෙන බව අපි පළමුවෙන්ම ලියා දන්වමු. මාලිමාව ඇතුලේ සරදියෙල් චන්ඩි කම් වානාය. ආනන්ද විජේපාල හා 

ජනපතිවරයා අතර පවතින සමීපතම අඹ යාළු මිත්තරකම අපට අධෝවාතයක් තරමේවත් වැදගැම්මක් නැත. අපි තවමත් ඉන්නේ අපේ ආණ්ඩුව අප විසින්ම ආරක්ෂා කර ගත යුතුය යන අදහසේය.

එසේ නැතුව මාලි⁣මාවේ දේශපාලන බලය කප්පාදු කර තක්කඩි රාජපක්ෂ වරුන්ට හෝ වෙන පට්ට පීචං පොරකට නැවත මේ රටේ දේශපාලනය ලබා දීමට තරමේ කැසිල්ලක් අපට නැත. ඒ බව ආනන්ද විජේපාල වැන්නන් තේරුම් ගත යුතුය. ඒ තේරුම් ගැනීමේදී අසරණ දැරියක ගේ ආත්මය පාදඩ භික්ෂුවක ගේ පාච්චල් කෙරුවාවට වඩා වටිනා බවද වටහා ගත යුතුය.


පාදඩ භික්ෂුවක ගේ බිජු කෙරුවාවට අනේ සාදු කියන්නේ නම් ඇමති ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් අස්වී අටමස්ථානයේ ඇබිත්ත කම බාර ගැනීමට යා යුතුය. තමන් ගේ අමාත්‍යංශ ලේකම් ගේ මස්සිනා වූ පමණින් අටමස්ථානාධිපති කෙරෙහි විශේෂ සැළකිල්ලක් දැක්වීමට ඇමති ආනන්ද විජේපාල සිතා ගෙන ඉන්නේ නම් ඒ මාලිමා ආණ්ඩුවේ මළ ගම ඉතා ළඟ බව⁣ හඟවන කණ කොක් හඬක් බවත් ඔළුවට ගත යුතුය.


පුරවැසියන් ඉල්ලන්නේ යුක්තිය හා සාධාරණත්වය මිස වෙන ලබුවක් නොවේ. ඒ අටමස්ථානයේ අවලම් කෙළියෙන්  තමන්ගේ දුවා දරුවන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවිශ්වාසයක් නිර්මාණය වී ඇති නිසාය. 

මේ අවිශ්වාසය තුරන් කළ හැකි වන්නේද ආණ්ඩුවටය.⁣


අපි ස්ථිර වශයෙන්ම එකක් දනිමු. ඒ

රාජපක්ෂලා⁣ගේ හෝ වික්‍රමසිංහගේ ආණ්ඩුවක් මෙරට තිබුණේ නම් අටමස්ථානාධිපති  නායක බුවාට මේ තරමටවත් අත තියෙන්නේ නැති බවය.

උන්දෑ අධිකරණයට දක්කා ගෙන එන්නට  අවස්ථාව හිමි වූයේ ජනපති අනුර කුමාර දිසානායක නිසා බව අපි හිතේ කහටක් නැතුව ලියමු. 


එහෙත් ජනපතිවරයාගේ ඒ මැදිහත් වීම පාච්චල් කරන්නේ ඇමති ආනන්ද විජේපාල වැනි ඔළු බක්කන්ය. අපට ආරංචි වී ඇති ආකාරයට ඇමති ආනන්ද විජේපාලට හිතේ අමාරුව ඇති වී තියෙන්නේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නීතිඥ සජීවනී අබේකෝන් මේ අපරාධමය වරද සම්බන්ධයෙන් සිදු කරමින් සිටින රාජකාරිමය මැදිහත් වීමයි. 


මෙහිදී තමන් යටතේ තිබෙන පොලීසියේ පාණ්ඩු රාජකාරිය නීතිඥ සජීවනී අබේකෝන් විසින් අධිකරණය තුළදී විවේචනය කිරීම ඇමති ආනන්ද විජේපාලගේ පපුවට දරා ගන්නට බැරි වී ඇති බව අපට හැඟේ. එක පැත්තකින් චුදිතයා සිය අමාත්‍යංශයේ ලේකම් ගේ මස්සිනාය. අනෙක් පැත්තෙන් තමන් සමීපයේ හුරතල් වෙන "පීචං පොලිස් ලොක්කන්" රැළය. මේ දෙපාර්ශවයේ හිත හොඳකම තියා ගත්තොත් තමන්ට ගොඩ යන්නට හැකි වෙතැයි ආනන්ද විජේපාල සිතා ගෙන සිටී. එහෙත් ඒ ගොඩ යාම මාලිමා ආණ්ඩුවට තෙල් නැතුව ඇර ගැනීමක් බව උන්නැහේ සිතා ගන්නේ නම් හොඳය.


ඇමති ආනන්ද විජේපාල "විකට බම්මන්නාට" අන්දන පීචං පොලිස් අයියලා ගේ පරණ වැඩ කිඩ අපට ඕනෑ නම් එකින් එක පේලියට ලියන්නට පුළුවන. මේ පොලිස් අයියලා දැන් මාලිමා උපාසකයන් බවට රූපාන්තරණය වී සිටියාට ඒ මතු පිටින් පමණය. මේ උන්දැලාගේ ආත්මය තවමත් හසුරවන්නේ රාජපක්ෂ වලව්වෙනි. එසේත් නැති නම් ටිරාං අලස්ය. අටමස්ථාන බිජු ආතල් නඩුවෙන් මාලිමා ආණ්ඩුව හොට බිම ඇණ ගන්නවාටත් මේ වාහෙලා කැමැතිය.


ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තෝන් ලණුව අතට ගත්තොත් පොලීසියේ අමුඩය ගැලවෙන බව (පොලිස් කොස්තාපල්) පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දනී. ඇමති ආනන්ද විජේපාල චූන් කරවා අඩව් අල්ලන්නට දා ගෙන ඇත්තේ ඒ නිසා බව පැහැදිලිය.


ඇමති ආනන්ද විජේපාල නියෝජ්‍ය ඇමති  නාමල් සුදර්ශනට දෝස් මුරයක් දමා ඇත්තේ ඒ පණු කැසිල්ල ඉවසා ගෙන ඉන්ට බැරි තැන වෙන්ට ඕනෑය. නියෝජ්‍ය ඇමති නාමල් සුදර්ශන තම හිත හදාගන්නට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට කතා කර තග දැම්මේ ඉන් අනතුරුවය. මේ හදන්නේ නඩුවට නීතිඥ සජීවනී අබේකෝන් ගේ මැදිහත්වීම වැලැක්වීමටය. ඇමති ආනන්ද විජේපාල දැන් හිතා ගෙන ඉන්නේ හොඳින් හෝ නරකින් වැඩේ ගොඩ දාගන්න වෙන්ට ඕනෑය.


ප්‍රශ්ණය මේ විදියට වර නැගෙන්නට ගත හොත් තවත් කුරෝළු වෙන්නට ඉඩ තිබේ.

ඇමති ආනන්ද විජේපාලගේ හිතේ දුක හා කණගාටුව පුරවැසියන්ට වැදගැම්මක් නැත. තමන්ගේ අමාත්‍යංශ ලේකම් ගේ මස්සිනා "⁣චීවර බංකරය" තුළට වැදී කරන ලද රති ක්‍රීඩාවට අනේ සාදු යැයි කියන්නට

සූදානම් නම් ඇමති ආනන්ද විජේපාල උපාසක මහත්තයාට හිරිකිතයක් ලැජ්ජාවක් දැනෙන්නේ නැද්දැයි අපි අසමු. 


අඩුම ගානේ තමන්ගේ පවුලේ මිණිබිරියක මෙවැනි සිද්ධියකට මුහුණ පෑවේ නමි "ඇමති ආනන්ද සීයා" ඔය විදියට හැසිරෙන්නේ දැයි අපි ප්‍රශ්ණ කරමු. (පොලිස් කොස්තාපල්) පොලිස්පති සීයාට ද ඔහුගේ කේවට්ට අම්බැට්ට පොලිස් ලොක්කන් රැළටද මේ ප්‍රශ්ණය ඒ විදියටම  අදාළ වන්නේය.   


කෙසේ වෙතත් දැරි⁣ය වෙනුවෙන් තවමත් ආණ්ඩුවේ ළමා ආරක්ෂක කටයුතු ඇමතිණිය පෙනී නොසීටීම බරපතලය.

ඇය මේ සිද්ධියේදී වසන් වී සිටිතැයි පුරවැසියන් අතර සැක සංකා මතුවී තිබේ. දැන්වත් ඇමතිණිය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස අපි ඉල්ලමු. එය එසේ නොකිරීමද වින්දිත පාර්ශවයට කෙරෙන බරපතල අසාධාරණයකි. එසේත් නැති නම් හැංගි හැංගී ⁣ඉන්නේ නැතුව ඇමතිණිය අටමස්ථානාධිපති වෙනුවෙන් හෝ පෙනී සිට පින් අනුමෝදන් කර ගන්නා ලෙස ඉල්ලමු. 


විවිධ හැඩයේ කයි කතන්දර වලට තටු ලැබී මාධ්‍ය පුරා විසිරී යන්නේ මේ ⁣අපරාධමය වරද සමිබන්ධයෙන් ආණ්ඩුව අර මොකද්දෝ එකෙන් නැතුව ඇට දෙකෙන් වැඩේ කර ගන්නට  යාම නිසාය.    


දක්ෂිණ ලියනාරච්චි ✍️