සජීවනී අබේකෝන්ට අවලාද නගන පොලීසියේ ගොං බිජ්ජා ....

අටමස්ථානාධිපති හිමියන් විසින් අපහරණය කරන ලදැයි පැවසෙන දැරිය සම්බන්ධයෙන් වූ නඩුව පසුගිය දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගන්නා ලද අවස්ථාවේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නීතිඥ සජීවනී අබේකෝන් එම දැරිය වෙනුවෙන් ඉතා විශිෂ්ට අයුරින් කරුණු දැක්වූ බව වාර්තා විය. ඇයගේ ඒ පෙනී සිටීම අගය කළ යුතුය. ඒ මෙවැනි සෘජු රාජ්‍ය නිළධාරීන් බොහෝ විරළ බැවිනි.
කෙසේ වෙතත් ඇය මේ සිද්ධිය ගැන පෞද්ගලිකවම දැඩි කම්පාවෙන් පසු වෙන බව පැහැදිලිය. ඒ බව තහවුරු වන්නේ මේ ඛේදජනක සිද්ධිය ගැන පොලීසිය ඇල් මැරුණු ස්වභාවයෙන් රාජකාරි කරමින් සිටියදී ඇය සිය ෆේස් බුක් පිටුවේ සඳහන් කර තිබූ සටහනෙනි. නීතිඥ සජීවනී අබේකෝන් එහි සඳහන් කර තිබුණේ නීතියට ඉහළින් ආගමත් යුක්තියට උඩින් මුදල් හැසිරෙන බවත්ය.
නීතිඥවරියගේ හෘදය සාක්ෂිය....
ඇය මේ සඳහන් කරන්නට ඇත්තේ අටමස්ථානාධිපති හිමියන් විසින් අපහරණය කළ දැරිය පිළිබඳව සිදු කෙරෙන විමර්ශන කටයුතු සාධාරණව ඉටු නොකරන තරමේ සැක සහිත වටපිටාවක් පැවති බවට ඇයගේ හෘදය සාක්ෂියට දැනුන නිසා මිස අන් හේතුවක් නිසා නොවේ.
මෙරට පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලඥයන් හා නාමධාරී නායක භික්ෂූන් අතරත් පවතින්නේ "පුකට අමුඩය" හා සමාන සම්බන්ධයකි. සිවිල් සමාජය හැසිරවීමට තරමේ සුපිරි බලයක් සහිත මේ උන්නාන්සේලා ඇසුරු කරමින් හා ළඟ හිතවත්කමින් සිටීම සිය පැවැත්මට රුකුලක් බව දේශපාලඥයා සිතා සිටී. එහිදී මේ උන්නාන්සේලා අතර සිටින කඩප්පුලි චීවරධාරීන් ගැන මේ දේශපාලඥයන් නොදන්නවාද නොවේ.
අටමස්ථානය අත් නොහරින දේශපාලන උපාසක උපාසිකාවෝ....
එහෙත් මේ දෙපාර්ශවය අතර පවතින මේ ගණුදෙනුව අතරමග බිඳ වැටීමක්ද නැත. දේශපාලඥයාගේ දකුණු අතේ බැඳ සිටින සුදු නූල් තොගය ඒ ගණුදෙනුවේ ගිවිසුම්ගත මුද්‍රාවයි. මේ දෙපාර්ශවයේ ගණුදෙනුව තුළ පවතින බැඳීම නිසාම සිල්ලර දැරියකට "ධාතු ප්‍රදර්ශනය" කරන්නට ගිය මහ උන්නාන්සේ අතහැර යන්නට මේ උපාසක උපාසිකා දේශපාලඥයන් කිසි විටක සූදානම් නැති බව අප වටහා ගත යුතුය.
දෙපාර්ශවය අතර යටිබිම් ගත ජාවාරම්ද සිද්ධ වෙන බව ලිවිය යුතුය. ඒ දේශපාලඥයා දූෂිත ආකාරයෙන් උපයා ගන්නා බොහෝ කලු සල්ලි සුදු කරන්නට ගිණුම් ගත වන්නේද මේ ඇතැම් උන්නාන්සේලාගේ ගිණුම්වලය. ඒවා "සිංහල බෞද්ධ පින් කැට" ගිණුම් නිසා බැංකුව ඒවායේ ගිණුම් ගත කෙරෙන මුදල් තොග ගැන ප්‍රශ්ණ කරන්නේද නැත.
රාජපක්ෂවරුන් කතරගම දේවාලයේ බස්නායක නිළමේ කම ඩැහැ ගත්තේද ඔන්න ඔය ජාවාරමටය. ඔය පිං කැට ජාවාරම ගැන ලියනවා නම් එය වෙනමම ලිවිය යුතු කතාවකි.
විලි ලැජ්ජාවක් නැති පොලීසියක්....
අනුරාධපුරයේ අටමස්ථානාධිපති ගේ "කාමේසුමිච්ඡාචාරා සිල් පදය" බිඳ දැමීමෙි නඩුව විභාගයට ගත් අවස්ථාවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිඥ සජීවනී අබේකෝන්ට එරෙහිව පොලීසිය අපහාසාත්මකව අවලාද නගිමින් අධිකරණයේ කරුණු දැක්වූ බවට මේ වන විට අසන්නට ලැබේ.
පොලීසියට ලැජ්ජා හිතීම සාධාරණය. මේ වාහෙලාට මේ දැරිය තඹ දොයිතුවක් නොවටී. චුදිතයා හා පොලීසියේ මහ කෙරුම්කාරයෙක් අතර ලේ ඥාති සම්බන්ධයකි. කූට්ටම යටින් කොළයක් ඇද ගේම රෙපෝරු කර ගන්නට පොලීසිය මුල සිටම කුරුමානම් ඇල්ලූවේය. ඒත් වැඩේ කුරෝළු වී ගියේ සමාජයෙන් අටමස්ථානාධිපතිට එරෙහිව ආ සුනාමියක් බඳු විරෝධය නිසාය. නීතිඥ සජීවනීට අවලාද නගා හෝ පොලීසියේ විලි ලැජ්ජා නැති කම වහ ගන්නට පොලීසිය දත මිටි කනවා වෙන්නට පුළුවන.
ඒ කෙසේ වෙතත් පොලීසිය නීතිඥ සජීවනී අබේකෝන්ට එරෙහිව අවලාද නගා ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයේදී පමණක් නොවේ. පොලීසියේ මහා ලොක්කෙකු බව කියවෙන ගොං බිජ්ජකු ගේ මෙහෙයවමින් සමාජ මාධ්‍ය තුළද ඇයට අපහාස කරන්නට පටන් ගෙන තිබේ.
"අතේ ආතල්" ගත් පොලිස් ලොක්කෙක් ...
මේ ගොං බිජ්ජා ඒ සඳහා යොදා ගෙන ඇත්තේ හීලෑ කර ගත් තිරිසන් මානසික ලෙඩෙකි. මේ තිරිසන් මානසික ලෙඩා ගේ පැටිකිරිය දන්නේ හිටපු නීතිය හා සාමය බාර ඇමති ටිරාං අලස්ය. ඒ දින වල මේ උන්දෑ සමාජ මාධ්‍ය යොදා ගෙන හිටපු අමාත්‍ය ටිරාං අලස්ට එරෙහිව දිගින් දිගටම අවලාද නගද්දී එක් අවස්ථාවක සීඅයිඩීය මගින් අත් අඩංගුවට ගැනිනි. ඒ අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ දුරකථන ඇමතුම් විශ්ලේෂණය කරන විට හෙළි වූයේ කාන්තාවන් 30 දෙනෙකු සමග "අතේ ආතල්" ගෙන ඇති බවය.
එම දුරකථනය තුළ කාන්තාවන්ගේ නිරුවත් වීඩියෝද තිබුණි. මේ කාන්තාවන්ද සමාජයේ විවිධ තරාතිරමේ සිවිල් චරිත බවටද හෙළි වූ අතර ටිරාං අලස්ට ඒ ගොදුර හොඳටම ප්‍රමාණවත් විය. මේ සතා ටිරාං ගේ පමණක් නොව පොලීසියේද හීලෑ සතෙක් බවට පත් වූයේ එතැන් සිටය. දැන් පොලීසිය උසී කී විට මේ තිරිසනා ඕනෑම කෙනෙක් හපා කන්නට සූදානම්ය. නීතිඥ සජීවනී අබේකෝන්ට එරෙහිව සමාජ මාධ්‍ය තුළ මඩ වපුරන්නේද මේකාය.
පොලීසියේ මහ උන්දෑගේ යට ජංගිය...
අප මේ සියල්ල ලියන්නේ සාක්ෂි හැට හුටාමාරක් අතේ තියාගෙනය. පොලීසියේ මහ ලොකු ගොං බිජ්ජාට අප මේ කියන්නේ මෙවැනි මොනිටසෝරි වැඩ නොකරන ලෙසටය. අර තිරිසන් මානසික ලෙඩා පව්ය. එහෙම නැතිනම් වෙන්නේ පොලීසියේ මහ උන්දෑගේ යට ජංගියද ගැලවී යන්නට ඉඩ තිබේ.
අපි කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ නීතිඥ සජීවනී අබේකෝන් වෙනුවෙන්ය. ඇයගේ සෘජු ප්‍රකාශනයන් නියෝජනය කරන්නේ අටමස්ථානාධිපතියා අපහරණය කළ අහිංසක දැරිය බවද අපි පොලීසියට සිහිපත් කරමු. එහිදී අපට ලියන්නට ඇත්තේ පොලීසියේ මහ එකෙකුගේ "ලේ ජාතකයක්" වුවද දවසක දූෂිත චීවරයෙක් ගෙන් සල්ලං වෙන්නටත් බැරි නැති බවය. එදාටත් මෙලෙස "බබා සුකුං" ආකාරයට පොලීසිය හැසිරෙනවාද යන්න ගැනත් අප දැන ගැනීමටත් කැමතිය.
දමිත් වික්‍රමසිංහ✍️