"දේවතා පිළිමයට යට වූ බටු මීයා" සහ මාලිමාවේ සැදැහැවත් කොම්රේඩ්ලා...

නිවසක දෙවියන් වඳින කාමරයක මහ රෑ පෙම් කෙළියේ නිරත වූ බටු මීයෙකු ගේ ඇඟට, එහි තිබූ මහත දෙහෙත දේව රූපයක් පෙරළිනි. පිළිමයට යට වූ බටු මීයා විලාප දෙන විට, මී සගයන් ට්‍රයි එක දුන්නේ ඒ මීයා බේරාගන්නට දේව පිළිමය අහකට පෙරළා දමන්නටය. ඒත් ඒ උත්සාහය අසාර්ථක වූ තැනේදී පිළිමයට යට වී සිටි බටු මීයාට කීවේ "ඉතින් පුතේ අපට නම් කරන්න දෙයක් නෑ උඹ දෙයියන් ගේ පිහිට පතපන්" කියාය.
පිළිමයට යට වී විලාප දෙමින් සිටි බටු මීයා ඒ ඉල්ලීමට පිළිතුරු දුන්නේ "උඹලාට පිස්සුද මා යට කර ගෙන සිටින්නේ ඒ දෙයියා තමා මුගෙන් මට මොන පිහිටක්දැයි " පවසමිනි.
දේව පිළිමයට යට වී සිටි බටු මීයා මිය ගියේය.
මේ මී කතන්දරය අපට මතක් වූයේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන විසින් ලිංගික අපචාරයට ලක් වී ඇතැයි පැවසෙන කුඩා දැරියට සාධාරණය ඉටු කිරීම පසෙක තබා, දූෂිත හිමියන් රැක ගන්නට වංගු ගසමින් සිටින පොලීසිය ආදී නීතිය රකින ආයතන වල අශීලාචාර කෙරුවාව විමසන විටය.
එහිදී අප දැන් තේරුම් ගෙන ඇත්තේ කුඩා දැරියක විසින් අටමස්ථානාධිපතිට බලහත්කාරකමක් කර ඇති වගය. ආණ්ඩුව ද පුරවැසියන් වෙත අඟවමින් සිටින්නේ අටමස්ථානාධිපති හිමියන් අහිංසක බවය.
මේ රටේ කිසිත් කර කියා ගත නොහැකි අසරණයන් කෙරෙහි හැමදාම නීතිය ක්‍රියාත්මක වන්නේ ඔය විදියටය. ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරනු ඇතැයි පුරවැසියන් ගේ සිතීම විය. අප සිතුවේ ද එසේමය.
එහෙත් ළමා ආරක්ෂණ අධිකාරියේ නීතිඥවරියක වන සංජීවනී අබේරත්න සිය ෆේස් බුක් ගිණුමේ අපගේ සිත තිගැස්සවන සුළු පෝස්ටුවක් ලියා පළ කර තිබුණි. එහි ලියා තිබුණේ "නීතියට උඩින් ආගම. යුක්තියට ඉහළින් මුදල් " යැයි කියා ය.
ඇය ඇයගේ හෘද සාක්ෂියට එකඟව එසේ ලියන්නට ඇති බව අපට දැනේ. එය ලියන්නට ඇත්තේ ද අටමස්ථානාධිපති හිමියන්ගේ කෙරුවාවෙන් විඳවන අසරණ දැරියට නීතියෙන් සාධාරණයක් ඉටු නොවන බවට හොඳ හැටි වටහා ගෙනය.
සංජීවනී අබේරත්න, නීතිඥවරියක ලෙස සේවය කරන්නේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේය. අටමස්ථානාධිපති හිමිගේ ගොදුරක් බවට පත් වූ අහිංසක දුප්පත් දැරියට සාධාරණය ඉටු කිරීමට පවතින බාධාව නිසා ඇය සිය හෘද සාක්ෂියට දරා ගත නොහැකි කම්පනය තුළ රැඳෙමින් "සැබෑ යථාර්ථය" අනාවරණය කර ඇති බව පැහැදිලිය.
එහිදී ඇය නොකියා කියා ඇත්තේ ළමා ආරක්ෂණ අධිකාරියට උඩින් ආගමත්, යුක්තියට ඉහළින් මුදලුත් මේ සිද්ධිය යටපත් කරන බව මිස අන් යමක් නොවේ. එහිදී කියවෙන මුදලට හැසිරවෙන යුක්තිය, අධිකරණය ද යන්න ගැන සැකයක් මතුවේ.
අටමස්ථානාධිපති හිමියන් ගේ මස්සිනා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රව් සෙනෙවිරත්න බව පළමුවරට අනාවරණය කෙරුවේ අපය. ඒ හෙළි කිරීමෙන් වඩාත් රිදුනේ *වාචාල සුදා" නම් "වස්සාට" ය.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න ගේ පැටිකිරිය ගැන ලියනවා නම් අපට තව ලියන්නට බැරි කමක් නැත. තවමත් උන්නැහේගේ බෝතල් යාළුවා, ක්‍රිෂ් නඩුව යට ගහන්නට හැදූ පැන්ෂන්කාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාරය. මේ ඩබල පුකට අමුඩය වාගේය. මාලිමාවේ කෙහෙල්මල් ප්‍රතිපත්ති මේ දෙන්නාගේ ආතල් එකට අදාල නැත.
මාලිමා ආණ්ඩුවේ කෙරුවාව ගැන නයි පොළොං වයිරයෙන් දත් මිටි කමින් ඉන්නා රවි වෛද්‍යාලංකාර වැන්නෙකු සමග හුරතල් වෙන රවි සෙනෙවිරත්න, සිය මස්සිනා බේරා ගැනීමට මැදිහත් වීම මහ ලොකු කජ්ජක්ද නොවේ. ගූ කප්පරක් කන බල්ලාට පඩ ගඳ එතරම් මහ ලොකු දෙයක් නොවන බව අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත.
අටමස්ථානාධිපති ගේ ගොදුරක් බවට පත් වූ දැරියට සාධාරණයක් ඉටු නොවන බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිඥවරියම අඟවන්නේ නම් මොන දෙයියන්ට කියන්නදැයි අපි නොදනිමු.
මාලිමා ආණ්ඩුවේ සැදැහැවත් කොම්රේඩ් උපාසක උපාසිකා මැති ඇමතිවරුන් හැම දෙනාම ඉන්නේ අටමස්ථානාධිපති හිමි ගේ කෙරුවාව අනුමත කරන ගානට කට පුක වසාගෙනය. මේ හාදයන් දැන් මහින්ද රාජපක්ෂටත් වඩා තක්කඩි බෞද්ධයන් විදියට රූපාන්තරණය වෙලාය.
අටමස්ථානාධිපති හිමියන්ට එරෙහිව එල්ල වී ඇති ළමා අපයෛා්ජන සහ ස්ත්‍රී දූෂණ චෝදනාවලට අදාල නඩු විභාගය සදහා මැදිහත්වෙන ලෙස ඉල්ලමින් ජාතික ළමාරක්ෂක අධිකාරිය නීතිපති දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කර තිබේ. ඒ මේ සිද්ධිය පිළිබඳව මහජන කැළඹීමක් පවතින නිසා විශේෂ අවධානයක් යොමු කොට මේ සදහා අවශ්‍ය නීති උපදෙස් සහ නීතිඥ සහාය ලබා දෙන ලෙස ඉල්ලමිනි.
එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ කෙරුවාව ගැන කියවෙන තොරතුරක් WHAT NEWS වෙබ් අඩවිය වාර්තා කර ඇත. එහි දැක්වෙන්නේ ගම්පහ පොලීසියේ ලොක්කෙකු නීතිපති දෙපාර්තමේන්තුවෙි නිළධාරියකු සමග සිදු කළ සාකච්ඡාවකදී "මෙය තවත් එක් නඩු කටයුත්තක් පමණක් බවත් මෙය විශේෂ ලෙස සැළකීමෙි අවශ්‍යතාවක් නොමැති" බවත් එම නිළධාරියා පැවසූ බවය.
නීතිපතියේ මේ උන්නැහේගේ දියණියක සිටී නම් චීවර පාහරයෙකුට පූජා කර තව තවත් පින් කර ගන්නා ලෙස ද අපි ඔහුට යෝජනා කිරීමට කැමැත්තෙමු. අපට ඒ ගැන කිසිම ප්‍රශ්ණයක් නැත. අප මේ ලියන්නේ අහිංසක දැරියක කෙලසූ පාපතර කාලකන්නියකු බුදුන් වහන්සේගේ උත්තරීතර චීවරය බංකරයක් කරගෙන සිටීම මේ රටේ නීතියට වලංගු නැති බවය.
එපමණක්ද නොවේ. "හොඳම දේ දරුවන්ට " බව කීවෙි ලෙනින් සහෝදරයාය. මාලිමාවේ රතු සහෝදරයන් දැන් හිතන්නේ දරුවන් අයිති වනචර භික්ෂූන්ට බවද යන්න ගැන අපට සැකයකි. මේ වනචර භික්ෂුත්වයට එරෙහිව අප චෝදනා කරන විට කෝටියක් සීලය ආරක්ෂා කරගෙන සිටින උතුම් වූ අප ස්වාමින් වහන්සේලා සිත රිදවා ගත යුතුද නැත. අප උන්වහන්සේලා වන්දනා කරන්නේ බැතියෙනි.
අටමස්ථානාධිපති හිමි වෙනුවෙන් නීතිඥ සමූහයක් අධිකරණයේ පෙනී සිටි බව වාර්තා විය. වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට තරම් නීතිඥ ප්‍රජාවට කම්පනයක් දැනී නැත. අටමස්ථානය අමනාප කර ගත හොත් ඊළඟ ආත්මයට කෙල වෙනු ඇතැයි උන්දැලා සිතනවා වෙන්නට පුළුවන. ඒ අසරණ දැරියත් දේව රූපයට යටවූ බටු මීයාත් අතර වෙනසක් නැත.
දක්ෂිණ ලියනාරච්චි ✍️