Alerte infoInternational
ඌ අමු ගවයා තමා පුතා.....

බංග්ලාදේශයේ නාරායන්ගන්ජ් හි ගොවිපළක ඇති දැඩි කරන ලද කිලෝග්‍රෑම් 700 ක් බරැති දැවැන්ත මී හරකෙකු "ඩොනල්ඩ් ට්‍රම්ප්" නමින් හඳුන්වන බව 2012 මැයි 16 වන දින බංගලාදේශයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක් වන Rtv Online වාර්තා කර තිබේ
ගවයාගේ සමෙහි ඇති රෝස පැහැය සහ ලා රන්වන් පැහැති රෝම නිසා මිනිසුන් විසින් මේ ගවයාට "ඩොනල්ඩ් ට්‍රම්ප්" නම පටබැඳ ඇති අතර, කෙටි කලකින්ම එම නම සමාජ මාධ්‍ය පුරා ප්‍රසිද්ධ වී ඇති බව පැවසේ.
වෙළඳපොළේ සිටින අනෙකුත් සතුන්ට වඩා කැපී පෙනෙන උසකින් සහ බරකින් යුක්ත මෙම මී හරකා නැරඹීමට මේ වන විට විශාල පිරිසක් රොක් වෙමින් සිටින බවද වාර්තා වේ.