Back to home
Alerte infoPolitical

ජනාධිපතිව අන්දන "පොලිස් නිළමෙලා" සහ කඩුව ගත්තු "කක්කි වඳුරෝ"....

ජනාධිපතිව අන්දන "පොලිස් නිළමෙලා" සහ කඩුව ගත්තු "කක්කි වඳුරෝ"....

මෙි සතියේ, අද විශේෂ ප්‍රවෘත්ති බයිටයන් මොනවා දැයි තොරතුරු හාරා අවුස්සා කියවන අයවළුන් අතර, බර තබා කතා බහ කෙරෙන සිදුවීම් වූයේ කපිල චන්ද්‍රසේන ගේ මිය යාම හා අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන් ඇරස්ට් කිරීම ගැන ය. 


මේ සිද්ධි අස්සේ, සමාජ මාධ්‍ය කියවිලි කාරයකු ලෙස ප්‍රසිද්ධ රාජාංඟනේ හිමියන්ද පොලීසිය ඇරස්ටි කෙරුවෙි පොලීසියේ මහ උන්දෑට හා ඔහුගේ අතීසාර මිත්‍රයා වූ ⁣ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උන්නැහේට අපහාස කිරීම, බිය ගැන්වීම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ බව මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණි. 


අටමස්ථානාධිපති අත් අඩංගුවට ගත හොත් ⁣මහී කාන්තාව කම්පාවට පත් ව අව් වැසි කුණාටු හා සුනාමියකින් ශ්‍රී ලංකාද්වීපයට මහා විනාශයක් අත් වෙනු ඇතැයි සිතූ ඇතැම් සැදැහැවත් උපාසක උපාසිකවන්ද සිටියහ. මේ කුලකයට අයත් පින්වතුන්, පන්සිල් අටසිල් හා දසසිල් වල කියවෙන තුන් වන සිල්පදයෙන් චීවරය යට තියෙන බිජුවට විනය පිටකයෙන් තහංචියක් පනවා නැති බව සිතන අයළුන් ය.


අනේ සාදු.මගෙ කාර් මගෙ පැට්ට්‍රල් වලට මොන තහංචිද හලෝ යැයි පන්සල පැත්තෙන් ගෝරනාඩුවක් ඇසෙන්නටද බැරි නැත.


නිවට කමට බෙහෙත් නැත.....


මේ ඇදහිල්ලට තවත් වංගුවක් තිබේ. ඒ චීවර බිජු වල ⁣ගුණ දොස් විචාරන්නට පෙර සුන්නත් හා කුරුස බිජු ගැන හොයා විවේචනය කරන ලෙසය. සිල්ලර බිජු කෙරුම්කාරයෙකු ⁣ගේ අධෝ මාර්ගයේ බැටන් පොලු බස්සන පොලීසිය චීවර යට තියෙන බිජුවලට බය පක්ෂපාතය. ඒ නිවට කමට නම් බෙිත් නැත. චීවර බිජු වන්දනා කරන කුලකයට එහි අනතුර වැටහෙන්නේ අඹුවට හෝ තමන්ගේ දරුවෙකුට "බිජු සෙල්ලම" දමා මාට්⁣ටු වුණු දවසටය.


අටමස්ථානාධිපති හිමියන්ට එරෙහිව ඇත්තේ ⁣චෝදනාවක් පමණි. චෝදනාවක් 

අධිකරණය⁣ට ඉදිරිපත් කළ පමනින් පුද්ගලයකු වැරදිකරුවකු වන්නේද නැත.

මේ රටේ අධිකරණ ඉතිහාසයේ බොරු චෝදනා නගමින් විත්තිකූඩුවේ සිට නිදොස් කොට නිදහස් වූ අයවළුන් අනන්තවත් සිටී. අටමස්ථානාධිපති හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ කතා බහක් ඇති වන්නට ප්‍රධාන හේතුව වූයේ ආණ්ඩුව ඒ හිමියන් ආරක්ෂා කරන බවට වූ චෝදනාවයි. ආණ්ඩුවද ඒ ගැන දත කට පියාගෙන සිටීම නිසා ඒ කතා බහ වඩාත් ශක්තිමත්ව පැතිරිනි.


ඒ කතාව එතැනින් හමාරය.


පොලිස් මහ නිළමේ සහ අඹ යාළුවා....


සමාජ මාධ්‍යයේ කියවිලි කාරයකු ලෙස ප්‍රචලිත රාජාගංනයේ හිමියන් ගේ කටට බ්‍රේක් නැත. ඒ උන්නාන්සේ ගේ විවේචනයන් පහත් ග්‍රම්‍ය බසින් අවධාරණය කිරීම් විය. ඇතැම් අවස්ථා වල බස් වහරට අසභ්‍ය වචනද යොදා ගැනිණි. රාජංගන⁣යේ හිමියන්ගේ කයිවාරු ආම්බාන් කිරිමට අධිකරණය මැදිහත් වූ අවස්ථාද නැත්තේ නොවේ. එහෙත් උන්නාන්සේ ඇරස්ට් කර ඇත්තේ පොලීසියේ මහ නිළමේට හා ඔහුගේ අඹ යාළු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උන්දෑ ගේ දූෂිත ක්‍රියාකාරකම් අනාවරණය කිරීම නිසා බව කියවේ. 


රාජාංගනේ හිමියන් ඇරස්ට් කළ චෝදනා වන්නේ නින්දා කිරීම, රාජකාරියට බාධා කිරීම හා බිය වැද්දීමය. මේ චෝදනා ඒ හිමියන්ට එල්ල කර ඇත්තේ මෑතකදී සිදු කරන ලද අනාවරණය කිරීම නිසා බවට  කිසිම සැකයක් නැත.


නින්දා කිරීම අපරාධ චෝදනාවක් නොවේ.

එය අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් ඉවත් කිරීමට මැදිහත් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහයන්ය. දණ්ඩ නීති සංග්‍රහයේ කීර්තියට හානි කිරීම යන ශීර්ෂය යටතේ 479 වගන්තියේ සිට 482 A දක්වා වූ වගන්ති 2002 අංක 12 සංශෝධන මගින් එසේ ඉවත් කෙරිණි.


එහිදී දණ්ඩ නීති සංග්‍රහයේ  අවිනීත හෝ නින්දා සහගත වචන වලින් හෝ සංඥා වලින් රජතුමාගේ ගෞරවය කෙලසීමට තැත් කිරීම යන ශීර්ෂය යටතේ වූ වගන්තියද ඉවත් කරන ලදී. මේ නිසා නින්දා කිරීම සිවිල් වරදක් ලෙස සැළකේ.


කන්න ඕනෑ වුණා ම කබර ගොයි න්‍යාය...


පසුගිය දිනවලදී ජනපතිවරයාට අගමැතිණියට හා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට එරෙහිව බොහෝ නින්දා අපහාස කිරීම් මාධ්‍ය තුල කියවන්ටත් අසන්නනටත් තිබුණි. ඇතැම් ඇමතිවරුන්  තමන් සම්බන්ධ කරගනිමින් නැගෙන  අපහාසයන්ට එරෙහිව සීඅයිඩීය ට පැමිණිළි කළ අවස්ථාද විය. එහෙත් එම පැමිණිලි වලට සීඅයිඩීය මෙතෙක් කිසිවෙකුත් අත් අඩංගුවට ගත් බවක්ද  වාර්තා වී නැත. 


එහෙත් පොලීසියේ මහ නිළමේට හා ඔහුගේ අතීසාර මිත්‍රයාට  අපහාස කරන ලදැයි රාජාංඟනේ හිමියන් ඇරස්ට් කර තියෙන්නේ කන්න ඕනෑ වුනා ම කබර ගොයාත් තලගොයා කර ගන්නා න්‍යායෙනි. එසේ නැති නම් දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් නොවන වරදකට ඒ හිමියන් අත් අඩංගුවට ගන්නට නොහැකිය. 


පොලීසියේ මහ නිළමේ මාංචු ටී පනස් හය හා බැටන් පොලු පෙන්වා මේ හදන්නේ සමාජය බය වද්දන්නට යැයි අපට සැක ⁣සිතේ. උඹලා ජනපතිට අපහාස කරාට මම හා මගේ ඔඩොක්කු කුක්කන් ගේ අජූත කෙරුවාවන් ගැන නෑසු කන්ව නොදකින දෑස් ඇතුව කට පුක වසා ගෙන සිටිය යුතුය යන්න පොලී⁣සියේ මහ නිළමේ රාජාංගනේ හිමි ඇරස්ට් කිරීමෙන් පුරවැසියන්ට අඟවයි.


රාජාංගනේ හිමියන්ට එරෙහිව ඇති ඊළඟ චෝදනාව රාජකාරියට බාධා කිරීමය. ඒ

චෝදනාව නම් මරුය. මරේ මරුය. පොලිස්පති නිළමේ හිතාගෙන ඉන්නේ දැන් තමන් ඉන්නේ ජනපතිවරයාටත් වඩා ඉහළින් බවය. දණ්ඩ නීති සංග්‍රහයේ නිල කටයුතු ඉටු කිරීමේදී රාජ්‍ය සේවකයකුට බාධා කිරීමේ ශීර්ෂ⁣ය යටතේ වූ 189 වගන්තියෙන් කියවෙන්නේ මේ චෝදනාවය. 


බඩ කොරවෙන විහිළු චෝදනා....


රාජාංගනේ හිමියන් පොලීසියේ මහ නිළමේ හා ඔහුගේ අඹ යාළු ගජයා ගේ දූෂිත ක්‍රියාකාරකමි ගැන  හෙළි දරව් කරන්නේ සමාජ මාධ්‍යයෙනි. සමාජ මාධ්‍යයේ ප්‍රකාශනයකින් රජයේ නිළධාරියෙකු ගේ රාජකාරියට බාධා වුණ බවට ඒ හිමියන්ට චෝදනා කිරීම බඩ කොරවෙන විහිළුවකි. සැබැවින්ම අපට ඒ ගැන සි⁣තන්නට තියෙන්නේ පොලීසිය අතිශය ලැජ්ජාවට පත් වී ඇති බවය.


තමන්ගේ බොස් ගේ අජූත කෙරුවාවල් ගැන රාජාංගනේ හිමියන් හෙළි කළ තොරතුරු අසත්‍ය බව පොලීසිය විසින්  පුරවැසියන්ට අඟවන්නට ගොස් අහක තිබුණ ගූ කප්පරක් ඇඟ පතේ ගාගෙන තිබෙන බව නම් පෙනී යයි.


රාජාංඟනේ හිමියන්ට එරෙහිව නගා ඇති අනෙක් චෝදනාව සාපරාධී බිය ගැන්වීමයි. එය දණ්ඩ නීති සංග්‍රහයේ 483 වගන්තියයි. යම් පුද්ගලයෙකු ගේ දූෂිත හා අයුතු ක්‍රියාකාරකම් ගැන තොරතුරු හෙළි කිරීම සාපරාධී බිය ගැන්වීමක් වන්නේ කෙසේද යන්න ගැන බරපතල ප්‍රශ්ණයකි.


මෙහිදී රාජාංගනේ හිමියන් පොලිස් මහ නිළමේ හෝ ඔහුගේ ගජයා රාජකාරිමය වශයෙන් සිඳු කරමින් සිටින ක්‍රියාවක් ⁣නොකර හැරීම සඳහා ශරීර හානියක් හෝ පාඩුවක් සිදු කරන බවට තර්ජනය කිරීමක් නොකරයි.


පොලිස් නිළමේලාගේ සිහිය මංඥං...


තමන්ගේ අතීසාර මිත්‍රයාගේ දූෂිත ජාවාරම් හා කෙරුවාවන් රාජංගනේ හිමියන් හෙළි දරව් කිරීම ගැන පොලීසියේ මහ නිළමේ කෝපය⁣ට පත් වී ඇති බව පෙනී යයි. එසේත් නැතිනම් ඔහුගේ සිත හොඳටම දුකට පත් වී තිබේ. සිය අඹ යාළුවා රැක ගන්නට කෙහෙල්මල් නීති ලබුවක් අවශ්‍ය නැතැයි සිතන තරමට මුන්දෑගේ සිහිය මංඥං වී ඇතැයි ⁣සිතේ. 


කෙසේ වෙතත් "මිතුරු තොමෝ බිතු සිතුවම් මෙන් පිටු නොපාවිතී"යන්නෙන් ජන වහරේ කියවෙන්නේ කට කහනවාට නොවේ. ඊටත් වඩා මේ බිය වැද්දීම හරිම විනෝද ජනකය. පොලීසියේ මහ නිළමේ හා ඔහුගේ අතීසාර සගයා බිය වන්නට ඇත්තේ රාජාංගනේ හිමියන්ගේ ගෝරිල්ලා මාක් ඇඟපතට වෙන්ටත් බැරි නැත. 


පොලීසිි⁣යේ මහ නිළමේගේ ඔය අපූරු පොලිස් මිත්‍රයා රාජපක්ෂ වරුන් බලයට ගෙන ඒමට වඳ  සැත්කම් භීතිකාවෙන් මුළු රටම ගිණි තැබූ හනුමන්තාය. මුන්දෑ මාලිමා ආන්ඩුව බලයට පත් වීමත් සමගම මාලිමා බණ අසා සෝවාන් ඵළයට පත් වූ අයෙකි. ඒත් ⁣මුන්දෑ එක අවස්ථාවක ජනපතිවරයාද කරත්තයේ බැන්දේය.


ජනපතිව කරත්තයේ බැන්ඳ හැටි.....


මුන්දෑගේ ආධිපත්‍යය පවතින බෙලිඅත්ත පොලීසිය මගින් විශ්‍රාමික මේජර් ජනරල් වරයකු හා ⁣ඔහු යටතේ සේවය කළ සේවකයන් තිදෙනෙකු අත් අඩංගුවට ගන්නා ලද්දේ කාන්තාවක බිල්ලට දී නිදන් හෑරීමට ගිය බවට චෝදනා කරමිනි.


මේ⁣ චෝදනා යටතේ අත් අඩංගුවට ගත් ⁣විශ්‍රාමික මේජර් ජනරාල් වරයා ඇතුළු අනෙක් තිදෙනා බන්ධනාගාර ගත කෙරිණි. පොලිසියේ මහ නිළමේ තමන්ගේ ගජ මිතුරා ඉහළට ඔසවා තැබීම සඳහා එම අත් අඩංගුව පිළිබඳව ජනපතිවරයාට දැනුම් දුන්නේ මහත් උජාරුවෙනි. සිද්ධිය ගැන කිසිත් සොයා  නොබැලූ ⁣ජනපතිවරයාද මහජන රැස්වීමක දී ඉතා ආඩම්බරයෙන් පැවසුවේ තම ආණ්ඩුව යටතේ සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් එයට හොදම උදාහරණය ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් වරයකු නිදන් හෑරිමට ගොස් අත් අඩංගුවට ගෙන ඇති බවත්ය. 


ජනපතිගේ ආඩම්බර ප්‍රකාශය විහිළුවක් වූ හැටි......


එහෙත් ජනපතිවරයා ආඩම්බරයෙන් කළ ඒ  ප්‍රකාශය විහිළුවක් බවට පත් වුයේ එම ප්‍රකාශය කර දින දෙකකට පසු තංගල්ල අධිකරණයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් වරයා ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කිරීම නිසාය. මේ පිරිස අත් අඩංගුවට ගෙන තිබු⁣ණේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයාගේ හිමිකාරිත්වය යටතේ පැවතුන ඉඩමක සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹීමට පෙර බහිරව පූජාවක් තැබීමට යාමේ දී ය.


කාන්තාවක බිලි දීම පිළිබඳව පොලිසිය කළ චෝදනාව පට්ට පල් බොරුවක් විය.

මේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයා පසුගිය යුද සමයේ පෙරමුණ සටන් වැදුන පාබල රෙජිමෙන්තුවේ විශිෂ්ට කීර්ති නාමයක් හිමි කර ගෙන සිටි සටන්කාමී සෙන්පතියෙකි. ඔහු මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක විය. දැන්තමන් අයුක්ති සහගත ලෙස අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම පිළිබඳව විශ්‍රාමික මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක මේ සඳහා මැදිහත් වූ ඒ පොලිස් කාඩයාට එරෙහිව පොලිසියේ මහ නිළමේට පැමිණිලි කර ඇතත් ඒ ගැන මෙතෙක් කිසිඳු ක්‍රියා මාර්ගයක් ගෙන නැත. 



ආණ්ඩුවේ ආධිපත්‍යයෙන් ගැලවුණු පොලිස් අධිරාජ්‍ය...


මේ පොලිස් කාඩයා පොලිස් මහ නිළමේගේ ගජයාය. ජනපතිවරයා ගොනාට ඇන්දූ එකාට මේජර් ජනරාල් වරයෙක් යනු එතරමි ලොක්කෙක් නොවේ. මෙවැනි ඇන්දවීමක් මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට කෙරුවේ නමි ඊට පහු වෙනිදාම පොලිස් කෝට් බෑය ගලවා ගෙදර යන්නට සිද්ධ වෙනවාය. ගෙදර ගොස් ඉවරයක් නැතුව බඩ යන එකට බේත් ගන්නත් වෙනවාය.


මාලිමා ආණ්ඩුවේ බල ආධිපත්‍යයෙන් ගැලවී තියෙන පොලිස් අධිරාජ්‍ය පාලනය කරන මේ වාහෙලාගේ බලහත්කාර රාජකාරි යෙදවීම් නිසා ඉල්ලා පැන්ෂන් යන පොලිස් පෝලිම දිග් ගැස්සෙමින් තිබේ. මෙහි හොඳම අනාවරණය වන්නේ ⁣පැන්ෂන් පෝලිමට එක් වෙන බොහෝ දෙනා මාලිමා ආණ්ඩුව බලයට පත් කරවීමට දර දිය ඇදි උන් වීමය. මේ ගැන ජාතික බුද්ධි වාර්තා ඉහළට ලියවුනද ඒවා කාගේ හෝ ලාච්චුවක නවතින බවද අනාවරණය වේ. මේ පොලිස් මාෆියාව ඒ තරමට බරපතලය.


රජා රකින්නට කඩුව භාර දී ඇති කක්කි වඳුරෝ....


ඇරස්ට් කළ රාජාංගනේ හිමියන් ඇප මත මුදා හැරීම නොකළ යුතු බව සුදා නම් වූ  යූ ටියුබ කයිවාරු කාරයා ආණ්ඩුවෙන් ඉල්ලුවේය. මේ  වහු පැටියා ආණ්ඩු⁣වේ අග විනිසුරු හෝ නීතිපතිදැයි අපි නොදනිමු. ඒ අතරේ අටමස්ථානාධිපති හිමි අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අප ලියා පල කළ ලිපියක් සම්බන්ධයෙන්ද මේ වස්සා අපට ගැන ගොං කතා කී බව අපට අසන්නට ලැබුණි. 


වස්සෙකුට අවශ්‍ය වන්නේ පුනක්කු හා තණ කොල මිස අන් යමක් නොවේ. අප ලියා තිබූ ලියවිල්ලට පිළිතුරු දිය යුතුව තිබුණේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකය. එහෙත් තියෙන පස්සා පැත්තේ අමාරුවට සුදා ඒ සුදිය අතින් අරගෙන තමන්ගේ කක්කා පස්සේ තියා ගෙන තිබේ. සුදාට කිරි පණු ගාය තිබුණාට අපේ ලිවීම නතර කරන්නටද බැරිය. ඒ සමගම ආණ්ඩුව වඳුරන්ට කඩුව දී රජා රකින්නට භාර දීමෙන් රජා සෙත්ත පෝච්චි වන්නටද ඉඩ තිබෙන බව කිව යුතුය.


දක්ෂිණ ලියනාරච්චි ✍️