Back to home
Alerte infoPolitical

කපිල චන්ද්‍රසේනගේ මරණය සහ රාජපක්ෂලාගේ සහාසික ඉතිහාසය...

කපිල චන්ද්‍රසේනගේ මරණය සහ රාජපක්ෂලාගේ සහාසික ඉතිහාසය...

මේ වන විට සමාජය පුරා පැතිරෙන විශේෂ ප්‍රවෘත්ති "බයිට්" දෙකක් අතරින් එකක ශීර්ෂය පාඨය වී ඇත්තේ එයාර් ලංකා ගුවන් සමා⁣ගමේ හිටපු කපිල චන්ද්‍රසේන ගේ මරණයයි.

ඔහු සිය මස්සිනා වූ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක, පින්නදූවගේ අරවින්ද ද සිල්වා ගේ නිවසේදී ගෙල වැලලාගෙන මිය ගිය බව වාර්තා වුවද ඒ මරණය ගැන තවමත් පොලිස් පරීක්ෂණ සිදු කෙරෙමින් තිබේ.

පරීක්ෂණයට පෙර වැට පැනපු මාධ්‍යය...

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පළමුවර⁣ට අනාවරණය කෙරුවේ රාජපක්ෂ පාර්ශවය හා දෙරණ නාලිකාව බව කියැවේ. දෙරණ මේ ප්‍රවෘත්තිය වාර්තා කර ඇත්තේ කපිල චන්ද්‍රසේන සිය දිවි නසා ගෙන ඇති බවට ය. මරණ පරීක්ෂණය කිරීමටත් ⁣පෙර දෙරණ නිශ්චිතවම ඔහුගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙසට වර්තා කරන ලද්දේ ⁣කවර⁣ මූලාශ්‍රයක් පදනම් කරගෙනද යන්න අනාවරණය නොවේ.

කපිල චන්⁣ද්‍රසේන "මරලාද එල්ලුවේ එල්ලලාද මැරුවේ" යන්න පොලිස් පරීක්ෂණ වලින් ඉදිරි කාලයේදී අනාවරණය කෙරෙනු ඇත. කෙසේ වෙතත් අපි මේ මරණය සිදු වීමට දිනකට ඉහත දී පළ කළ ලිපිය මගින් ආණ්ඩුවට අනතුරු ඇඟවූ බව මේ මොහොතේ නැවතත් සිහිපත් කරමු. අප එහිදී සඳහන් කෙරුවේ "මිනිස් බිලි" ගැනීමෙි අනතුරක් අත ළඟ බවය. අපි ඒ බව ලියා තැබුවේ මෙසේ ය.

පැය 24ක් යන්න පෙර සැබෑ වුණ අනාවැකිය...

"....තම චෞර කල්ලියට සිර දඬුවම් විඳින්නට සිඳුවීම ගැන පවතින සැකය

ලේසියෙන් අත් හැර දමන්නට රාජපක්ෂවරුන් සූදානම් නැති බව අපි ආණ්ඩුවට සිහිපත් කරමු. මේ සාහසිකයන් අම්මා අප්පා පවා නොසළකන මෙලේච්ඡයන්ය. ඒ නිසාම හෙට අනිද්දා වන විට මේ පාර්ශවයෙන් එල්ල වන ප්‍රහාරයන් "මිනිස් බිලි" ගැනීම දක්වා යා හැකි බවට අපි ආණ්ඩුවට අනතුරු අඟවා සිටිමු."

" අද වන විට මේ සාහසික චෞර කල්ලිය මනෝ මූලික මෙහෙයුම් වලින් පිටිය සකසමින් සිටී. දැන් මේ හෝරාවේ ආණ්ඩුව නිරවුල්ව හඳුනා ගත යුත්තේ තමන්ගේ මිතුරන් කවුරුන් ද සතුරන් කවුරුන් ද යන වගය. ඒ සැබෑව තේරුම් නොගත හොත් ආණ්ඩුවට සිද්ධ වන්නේ "බබිත් සුං බබීගෙ අම්මත් සුං " වීම බව ලියා තබන්නේ නොලියා ඉන්න බැරි කමට ය..."

අප විසින් 07/05/2026 දින සිදු කළ ඒ අනතුරු ඇඟවිම 08/05/2026 දින වන විට ඇස් පනා පිට තහවුරු වී තිබේ. අප ගේ අනතුරු ඇඟවීම සිදු කර පැය විසි හතරක් ගෙවී යන්නට පෙර කපිල චන්ද්‍රසේන මිය යන්නේය. කපිල චන්ද්‍රසේන යනු රාජපක්ෂ වරුන් හා ඉතා සමීප කවයේ එක මේසයේ කාබී ඔවුන් ගේ ඕනෑ එපා කම් ඉටු කළ අත වැසියෙකි. රාජපක්ෂවරුන් හා අඹ යාළු සම්බන්ධකම් තිබුණ කපිල චන්ද්‍රසේන වැන්නකු සිය දිවි නසා ගත්තේ නම් එය හිස රුදාව හැදෙන තරමේ උභතෝකෝටිකයකි.

එය එසේ වීමට නම් ගුවන් යානා වංචා නඩුවේ සැකකරුවකු වීමෙන් පසුව රාජපක්ෂ වරුන් හා ඔහු සමග පැවැති සම්බන්ධතා අත්හළ යුතුය. තමන් කරද⁣රයේ වැටුණ විට එසේ අත් හැරීම ගැන කපිල චන්ද්‍රසේන හට ඇති වූ බරපතල මානසික කම්පනය නිසා සිය දිවි හානි කර ගන්නට ඇතැයි හිතන්නට පුළුවන. මෙහිදී ඔහු සිය දිවි නසා ගන්නවාට වඩා රාජපක්ෂවරුන්ට එරෙහිව රජයේ සාක්කිකාරයකු වීමේ සම්භාවිතාව වැඩිය.

සමීපතම කවයේ සගයන්ගේ ඉරණම..

රාජපක්ෂවරුන්ගේ සමීප කවයේ ගනුදෙනු කළ කපිල චන්ද්‍රසේන වැන්නකු ඔවුන්ගේ මැර ක්‍රියාකාරකම් ගැන නොදන්නා අයකු යැයි කිසි⁣සේත්ම සිතන්නට හැකියාවක් නැත.

බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේනට ඇප මත නිදහස් වීම සඳහා කුලී ඇප කරුවන්⁣ දෙ⁣දෙනා පංගාර්තු කර ඇත්තේ දේවා හා තිස්ස නම් පුද්ගලයන් දෙදෙනෙකි. ඒ ඇප කරුවන් අනාවරණය කර ඇති තිස්ස නම් පුද්ගලයා රාජපක්ෂවරුන් හා සමීපයේ සිටින කැප්ටන් තිස්ස වෙන්නට පුළුවන් බව අප මීට පෙර ලිපියේ සඳහන් කරන ලදී.

තාජුඩීන් ඝාතනයට මෙි කැප්ටන් තිස්ස සම්බන්ධ බවට පසුගියදා ඝාතනය කෙරුන කජ්ජා නැමැත්තා "ටෲත් ඔෆ් චමුදිත" නම් යූ ටියුබයේ පැවති සාකච්ඡාවකදී පවසා තිබුණි. කැප්ටන් තිස්ස නම් පුද්ගලයා රාජපක්ෂවරුන් උසී ගැන්වූ විට තරාතිරම නොබලා ඕනෑම අයෙකු හපාකන සැහැසි දඩ බල්ලෙක් බව කජ්ජා හෙළි දරව් කර තිබේ. ට්‍රෘත් ඔෆ් චමුදිත යූ ටියුබය හා කජ්ජා කළ සාකච්ඡාවේදී රාජපක්ෂවරුන්ගේ සාහසික ක්‍රියාකාරකම් අනාවරණය කෙරුවෙි තම ජීවිතයට අවදානමක් ඇති බව පවසමිනි. කජ්ජා කිව්වා හරිය.එම සාකච්ඡා වලින් අනතුරුව කජ්ජා ඝාතනය කෙරුණේය.

දුටුගැමුණු ගේ කඩුව සහ නිළමේ.....

මහින්ද රාජපක්ෂ ජනපතිවරයාව සිටි අවදියේ වැලිකඩ බන්ධනාගාරය තුළ නේවාසිකයන් ගණනාවක් තිරශ්චින ලෙස වෙඩි තබා ඝාතනය කෙරුණේය.

මේ ඝාතන සිදු කරන ලද්දේ පොලිස් පරීක්ෂක රංගජීවය. පොලිස් පරීක්ෂක රංඟජීව අත තිබූ නාම ලේඛනයක සඳහන්ව තිබූ ආකාරයට බන්ධනාගාර නේවාසිකයන් ගේ තෝරා ගනිමින් ඔවුන්ට රංඟජීව වෙඩි තබා ඝාතනය කළ බව පැවසේ.

මේ මිනිස් ඝාතනය සඳහා රංඟජීව අත තිබූ නාම ලේඛනයේ වැඩි පිරිසක් කුඩු ජාවාරම්කරුවන් විය. එහෙත් ඒ අතරේ කුඩු ජාවාරමට සම්බන්ධ නොවූ අයෙකුගේ නමද සඳහන්ව තිබූ අතර රංඟජීවගේ මෙලේච්ඡ උණ්ඩය ඒ පුද්ගලයාද බිලි ගත්තේය.

මෙසේ මරා දමන ලද්දේ කෝට්ටේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු ඝාතනය කරන ලද අයෙකු වේ. ඔහු නිළමේ නැමැත්තෙකි. නිළමේ, භික්ෂූන් දෙදෙනා මරා දැමුවේ එම විහාරස්ථානයේ තිබූ දුටු ගැමුණු රජුගේ කඩුව පැහැර ගැනීමට බව පැවසේ. එහෙත් මේ කඩුව පැහැර ගැනීමෙි කොන්ත්‍රාතුව නිළමේ වෙත පවරන ලද්දේ රාජපක්ෂ වරුන් බවට ඒ දිනවල සමාජ කතා බහක් පැවතුණි.

භික්ෂූන් ඝාතනය කළ නිළමේට එරෙහිව අධිකරණයේ පවරා තිබූ නඩුව විභාග කරන දිනයට තමන් මේ සිද්ධිය ගැන විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරන බව⁣ට

නිළමෙි සිර මැදිරිය තුළ අනෙකුත් නේවාසිකයන්ට පවසා තිබුණි. එහෙත් නිළමේට ඒ අවස්ථාව උදා නොවීය. ඔහු ඝාතනය කරන ලද්දේ ඔහුගේ නඩුවට පෙර දින රාත්‍රියේ දී ය.

රාජපක්ෂ වරුන්ට දුටු ගැමුණු රජුගේ කඩුව ගන්නට නිළමේ යෙදවූ බවට සමාජය තුළ ඇති වූ කතා බහත්, තමන් ඒ ගැන විවෘත අධිකරණයේ පාපෝච්චාරණය කරන බවට නිළමේ හිර ගෙදරදී තුළ කළ ප්‍රකාශයත්, එම පාපෝච්චාරණය කිරීමට පෙර ඔහු ඝාතනය කිරීමත් එකිනෙකට බැඳී ඇති සිද්ධි දාමයකි. ඒ සිද්ධි දාමය සැක සහිතය. ඝාතනය කිරීමට අවශ්‍ය කුඩ්ඩන්ගේ නාම ලේඛනයට නිළමේගේ නම ඇතුළත්වීම ඒ සැකය වඩාත් වර්ධනය කරයි. මෙම ඝාතන සිදු කරන අවස්ථාවේ ඝාතකයා නිළමේ කවුරුන්ද යන්න විමසූ බවටත් සාක්ෂි වලින් හෙළිදරව් වී තිබේ.

පඩයකට ගණන් නොගත් මහාචාරියා..

සජින් ද වාස් ගුණවර්ධන සි⁣ටියේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ හුරතල් ඔඩොක්කු කුක්කා විදියටය. ජනපතිවරයාගේ විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා වූ සජින්ද වාස් ගුණවර්ධන රාජපක්ෂ මන්දිරයේ සිටි රස්පුටින් විය. ඔහුගේ බල පරාක්‍රමය දෙවෙනි වූයේ ජනපතිවරයාට පමණි. ඒ තරමට මහින්ද රාජපක්ෂ ජනපති හා ඔහු අතර අපූරු යකඩ බැඳීමක් පැවතුණි.

රාජපක්ෂ පුත්‍රයන් පවා සිටියේ සජින් වාස්ට වඩා පසුපසිනි. මහින්ද රාජපක්ෂගේ පවුල් ජීවිතය, පවුල හා සම්බන්ධතාවක් නොතිබුණ කිව්ව නාහන දාමරිකයෙකුගේ ජීවිතය හා සමාන බව දන්නෝ දනිති. නිවස තුළ ජීවත්වූයේ සමාජයේ දකින හැසිරෙන උපාසක මහින්ද රාජපක්ෂ නොවේ. ඔහු මෙිච්චල් කර ගත හැකි එකම පුද්ගලයා වූයේ සජින් ද වාස්ය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ කංකානම් මන්ත්‍රීවරයා වූ සජින් වාස් ගුණවර්ධන, එවකට විදේශ කටයුතු ඇමති ලෙස කටයුතු කළ ජී.එල් පීරිස් පඩේකට ගණන් ගත්තේ නැත. විදේශ පත් කිරීම් මාරු කිරීම් සියල්ල සිදු කෙරුවෙි සජින් වාස්ය. ඇමතිවරයා ලිපි ගොනු ඔසවා ගෙන සජින් වාස් ගේ කාර්යාලයට යා යුතු විය. ජී.එල්.පීරිස්ට ලැජ්ජාවක් හිරිකිතයක් තිබුණේ නම්, වර්තමානයේදී ඔහු බත් කන්න ඕනෑ රාජපක්ෂවරුන් ඉන්නා පැත්තවත් නොබලා ය.

සජින් වාස් ජී.එල්.පීරිස්ට සැලකුවේ සිල්ලර කාර්යාල කාර්ය සහායකයකුටත් අන්ත ලෙස ය. මහචාර්ය පට්ටම නමට ඉදිරියෙන් ලියන්නට පුළුවන් වුණා ට, ජී.ඇල් .පීරිස්ට තියෙන්නේ සෙවල බණ්ඩක්කා පිට කොන්දක් බව ඔහුගේ වර්තමාන කෙරුවාවන් තුළින් මනාව ⁣තහවුරු වේ.

සජින් වාස්ට එල්ල වූ රාජපක්ෂ තර්ජන..

මේ තරම් බලවත්ව සිටි මෙන්න මේ සජින් වාස්ට, පුකට පයින් ගසා රාජපක්ෂ පවුලේ උන් විසින් එලවා දැමුවේ මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පරාජයට පත් වීමෙන් පසුවය. පවුලේ වුන්ට ඒ හයිය ලැබුණේ ජනපතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ සීරෝ වූ නිසාය.

තමන් මහින්ද රාජපක්ෂ සමීපයෙන් එලවා දැමීමෙන් පසුව සජින් වාස් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රාජපක්ෂ වරුන්ගේ මදාවි තක්කඩි කම් ඉදිරියේදී අනාවරණය කරන බව⁣ට පැවසුවේය. දෙපාර්ශය අතර මතු වූ මේ ආරවුල සමථයක⁣ට පත් කිරීමට ආවේ ⁣පසුගියදා මිය ගිය ලොහාන් රත්වත්තය. ලොහාන් රත්වත්තේ සජින් වාස්ට දුරකථන ඇමතුමක් ගෙන වක්‍ර ලෙස තර්ජනය කරමින් අනතුරු ඇඟවූයේ "රාජපක්ෂ පවුල සමග ඝට්ටනයක් ඇති කර ගැනීම තුළින් ඔහුගේ දරුවන්ටද ජීවිත තර්ජනයක් ඇති විය හැකිය යන්නය. ලොහාන් රත්වත්තේ එහිදී පවසන්නේ "රාජපක්ෂල⁣ කවුද කියල ඔයා දන්නවනේ. ඔයාගෙ දරුවන්ගෙ ජීවිත අවදානමට දාන්න එපාය" කියාය.

ඒ අවස්ථාවෙි සජින් වාස්ද ඊට පිළිතුරු ලෙස තර්ජනාත්මකව පවසන්නේ "හැකි නම් තමන්ගේ දරුවන්ට අත තියන්න යැයි රාජපක්ෂ වරුන්ට කියන්න" යැයි අභියෝග කරමිනි. මේ දෙබස තවමත් අන්තර්ජාලයේ තිබේ. මෙහිදී අපට සිතා ගන්නට ඇත්තේ කුඩා දරුවන්ගේ ජීවිත පවා විනාශ කර දැමීමට තරමට රාජපක්ෂ වරුන් තිරිසන් සාහසිකයන් බව මිස අන් යමක් නොවේ.

දේශපාලනිකව මෙරට සිදු වූ බොහෝ මිනිස් ඝාතන පිටුපස සිටින්නේ රාජපක්ෂ වරුන් බවට බොහෝ තැන් වල සදහන්ව තිබේ. ඇතැම් ඝාතන මිල්ටෙරි මිනීමරුවන්

යොදා ගෙන සිදු කරන ලද ඒවා බව තහවුරු වෙමින් පවතී. රාජපක්ෂ පවුලේ දේශපාලන බලයට අභියෝගයක් හෝ පැවැත්ම ව්වේචනය කළ බොහෝ දෙනෙකු⁣ගේ ජීවිත කෙළවර වූයේ අතුරුදන් වීමෙන් හෝ ඝාතනය වීමෙනි.

රාජපක්ෂලාගේ දෙබිඩි ජීවිත.....

මහින්ද රාජපක්ෂගේ ජීවිතය දෙබිඩ්ඩකි.

ඔහු භාහිර සමාජය තුළ නිරූපනය කළ දේශප්‍රේමී සැදැහැවත් උපාසක කම පෞද්ගලික ජීවිතය තුළ නොවීය. ඒ තුළ සිටියේ පෝරිසාද සාහසික මෙලේච්ඡයෙකි. ඒ ජීවිතය තුළ අනෙකා කෙරෙහි අණක් ගුණක් අනුකමිපාවක් නොතිබිණි.

ජනපති මහින්ද රාජපක්ෂට එරෙහිව රහසේ කටයුතු කළ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙක් ඔහුගෙන් බඩ කට පුරා ගුටි කා ඇති බව දන්නෝ දනී. ඔහු ප්‍රශ්ණ විසඳුවෙි ඇඟ පතේ හයියෙනි. එසේත් නැති නම් අශීලාචාර හා අසික්කික වචන වලින් බැණ වදිමිනි.

සිය සහෝදරයාගේ මෙලේච්ඡත්වය අඩුවක් නැතුවම ගෝඨාභය රාජපක්ෂටද තිබුණි. ගෝඨාභය රාජපක්ෂ හමුදා සේවයට බැඳී අනුයුක්ත වූයේ ⁣සිංහ රෙජිමෙන්තුවටය. සිංහ රෙජිමෙන්තු⁣වෙි සෙබලුන්ට මින්නේරියේ පැවැති වන සටන් පුහුණුවකදී කපිතාන් ගෝඨාභය රාජපක්ෂ හා කපිතාන් ලක්ෂ්මන් වීරක්කොඩි ඒ වන සටන් පුහුනුවේ නිරතව සිටි කෝප්‍රල් වරයෙකුට පහර දී ඝාතනය කරන ලදී. මේ දෙදෙනාගේ පහරදීම් වලින් තුවාල ලද කෝප්‍රල්වරයා බිම වැටී වතුර බීමට ඉල්ලා සිටි අවස්ථාවේ කපිතාන් රාජපක්ෂ ඔහුගේ පපුවට බූට් සපත්තු පැළඳි පාද වලින් පපුවට පහර දුන් බවද පැවසේ. අවසානයේදී කෝප්‍රල්වරයා මිය ගියේය.

මේ වන විට සිංහ රෙජිමෙන්තුවෙි මූලස්ථානය පිහිටියේ කොළඹ ඇචිලන් චතුරශ්‍රයේය. කපිතාන් රාජපක්ෂ හා කපිතාන් වීරක්කොඩි විසින්

කෝප්‍රල්වරයකු ඝාතනය කළ බවට ආරංචි වූ ⁣සිංහ රෙජිමෙන්තුවෙි සෙබළුන්

ඒ වන විටත් එහි පැමිණ සිටි කපිතාන්වරුන් දෙදෙනාට පහර දීමට නිළධාරී නිවස්නයට කඩා වැදුනහ. එහි සිටි බොහෝ නිළධාරීන්ට සෙබළුන් පහර දුන් අතර ගෝඨාභය සහ ලක්ෂමන් යන දෙදෙනාම කඳවුරෙන්⁣ හොර රහසේ පැන ගොස් තිබේ.

මේ ප්‍රහාරයේදී නිළධාරී නිවස්නයේ සිටි එක් කපිතාන් වරයෙකුට සෙබළු පහර නොදීමට වග බලා ගත්හ. ඒ අන් කිසිවෙකුත් නොවේ කපිතාන් සරත් ෆොන්සේකාටය. ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ පළමු වැඩ වර්ජනය වූයේ සිංහ රෙජිමෙන්තුවේ ඇති වූ මේ ආරවුලය. කපිතාන් ලක්ෂමන් වීරක්කොඩි හමුදා සේවයෙන් නෙරපා හැරි අතර කපිතාන් ගෝඨාභය රාජපක්ෂ සිය දේශපාලන සබඳතා යොදවා ගනිමින් සංඥා රෙජිමෙන්තුවට මාරුවීමක් ලබා ගත්තේය. මේ ලක්ෂමන් වීරක්කොඩි යනු පසු කාලයක මෙරට ගුවන් හමුදාපතිවරයා වූ ජයලත් වීරක්කොඩි ගේ සහෝදරයා ය.

ජානගත මෙලේච්ඡත්වය හා දේශපාලන අපරාධ....

රාජපක්ෂ වරුන්ගේ ජානගත මෙලේච්ඡත්වය ගැන අවබෝධයක් පවතින ඕනෑම අයෙකු කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන කිසිදු සැක සංකාවක් තබා නොගන්නා බව නම් සහතිකය. ඒ තරමටම මෙි අපරාධ කරුවන් ගේ පැටිකිරිය අතිශය සාහසිකය.

මෙතරම් අපරාධ සිදු කර තිබේ නම්, රාජපක්ෂවරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූයේ මක් නිසා දැයි ඔවුන්ගේ පාක්ෂිකයන් ප්‍රශ්ණ කරන්නට පුළුවන. ඒ ප්‍රශ්ණ වලට උත්තර ඕනෑ නම් හිටපු ජනපති මෛත්‍රීපාල ⁣සිරිසේන ගෙන් අසා දැන ගන්නට පුළුවන. ජනපතිවරණ තරග කළ මෛත්‍රීපාල සිරිසේන ඡන්ද ගණන් කිරීමට පෙර මිතුරෙකුගේ නිවසට ගොස් හැංඟී සිටියේ ඡන්දය පැරදුනොත් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව ඉඳුරාම දැන සිටි බැවිණි.

මේ වන විට මෙරට දේශපාලන බල ආධිපත්‍යයේ හැසිරීම රාජපක්ෂවරුන්ගේ පාදඩ පෝරිසාද පැවැත්මට බරපතල අභියෝගයක් වී තිබේ. ඒ අභියෝගයට මුහුණ දීමේදී සිය පවුලේ පැවැත්ම තහවුරු කර ගැනීමට ලගින් සිටි සමීපතමයා පවා බිල්ලට දෙන්නට මේ පෝරිසාදයන් දෙවරක් කල්පනා නොකරන බව නම් අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත. 'දාමට ඉත්තා සගයෙක් නොවේ' ය යන කියමන ඒ අපරාධකාරී කෙරුවාවට ගලපා ගත හැකිය. එළිවෙන ජාමෙට තව හොඳ හොඳ සෙල්ලම් බලා ගත හැකි බව නම් ස්ථිරය.

දක්ෂිණ ලියනාරච්චි ✍️