Back to home
Alerte infoPolitical

බිමටම සමතලා වූ රාජපක්ෂ කල්ලිය ආණ්ඩුවට කෝචෝක් කරන හැටි....

බිමටම සමතලා වූ රාජපක්ෂ කල්ලිය ආණ්ඩුවට කෝචෝක් කරන හැටි....

රාජපක්ෂ පවුල බලයට පත් වී සිටි කාලයේ සිදු කරන ලද හොර මැරකම් වංචාවන් හා තක්කඩි කම් කෙළවරක් නැත. මොවුන් ඒ හැම මෙලේච්ඡ කෙරුවාවක්ම සිද්ධ කරන ලද්දේ දේශප්‍රේමිත්වයේ අයිසින් තවරමිනි. ඒ අයිසින් තට්ටුවට රැවටුණ උපාසකම්මලාද උපාසක මහත්තරුන්ද බොහෝය.

කෙසේ වෙතත් රාජපක්ෂලා ගේම් ගැහැව්වේද ගහන්නේද ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකටවත් අල්ලා ගන්ට පුළුවන් විදියට⁣ නොවේ. ඒ තරම⁣ටම නොම්මර එකේ හොර කප්පිත්තන්ය.

ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුවූයේ රාජපක්ෂවරුන්ගේ තක්කඩි කෙරුවාව නිසා බවට මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දු කර තිබේ. එහෙත් තවමත් මේ උන්දැලා දේවත්වයේ සළකන එවුන් මෙරට සිටීම හරිම ඛේදජනකය. මේ තරමට ගොන් වස්සන් මේ රටේ ජීවත්වෙනවා යැයි ගණන් හදා සෑහීමකට පත් වෙන්නට නොහැකිය.

සියල්ල සිද්ධ වන්නේ අමු තක්කඩි කමින් ජීවිතය ගොඩ දාගන්නට හදන එවුන් නිසාය. මේ වාහෙලාට ගැලපෙන්නේ රාජපක්ෂවරුන්මය. ඒ නිසාම රාජපක්ෂ වරුන් නැවත බලයට ගෙන ඒමට මේ වාහෙලා දඟලති.

පාන් කියාගන්න බැරුව හිටපු එවුන්....

ජාජබ ආණ්ඩුව බලය⁣ට පත් වන විට රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ ගෝල බාලයන් හිටියේ පාන් කියාගන්න බැරුවය. ඒත් ආණ්ඩුව පිහිටුවා මාස තුන හතරක් යන විට මෙි ආණ්ඩුවේ එවුන් කියන දේ නාහන උද්දච්ච පිස්සු කෙලින්නන් බව රාජපක්ෂ කල්ලිය තේරුම් ගත්තේය.

බිමටම සමතලා වී පණ අදිමින් සි⁣ටි රාජපක්ෂ කල්ලිය නැවත නැගිට්ටේ ආණ්ඩුවට කෝචෝක් කරමිනි. ඒ නැගිට්ටා පමණක් නොව ජාජබ ආණ්ඩුවට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවීමට පවා කුමන්ත්‍රණකාරිව මැදිහත් වන්නට පටන් ගත්තේය.

ජාජබ ආණ්ඩුවේ ජනපති අනුර කුමාර දිසානායක ඇතූළු මැති ඇමතිවරුන් පීචං කිරීමෙන් ඇරඹුනු මේ රාජපක්ෂ ව්‍යාපෘතිය, දැන් ආන්ඩුවේ හැම ක්‍රියාකාරකමක්ම ජනතාවට එපා කරවන හැඩයේ ⁣තුරුම්පු පිටියට දමමින් සිටී. ඒ නසරානී තුරුම්පු කපා දමා අත් වාසිය තමන්ගේ පිලට ගන්නට බැරි තරමේ ආණ්ඩුව ඔතෑනි වී තිබේ.⁣

කුජීතයක් ගසා වාසිය තමන්ගේ ගොඩට දා ගන්නට ආණ්ඩුවට ඕනෑ තරම් ලොකු තුරුම්පු අතේ තිබුණද, ගේම නොදන්නා කම නිසාම ආණ්ඩුව ගේම අනා ගනිමින් සිටින බව නම් පෙනී යයි.

සමීපතමයන් ගේ කළකිරීම නොපෙනීම...

ඒ අතරේ ආණ්ඩුව තමන් සමීපයේ සිටි හිතවතුන් ඉතා සීඝ්‍රයෙන් හලා දමමින් සිටින අතර ආණ්ඩුව වෙනුවෙන් මරා ගෙන මැරෙන්නට සිටි සමීපතයන් පවා දැන් සිටින්නේ දැඩි කළකිරීමකිනි. ජාජබයට සම්බන්ධ ජවිපේ කාඩරයට මේ කඩා වැටීම ගැන කිසිම අවබෝධයක් නැත. උන් ඉන්නේ මාර ආතල් එකකිනි. අපේ ආණ්ඩුුව තව අවුරුදු තිහ හතලිහකට හොල්ලන් බැහැ යැයි උන් කියන්නේ ඒ ආතල් එකේය.

ඒත් මේ කොම්රේඩ් උන්නැහේලා තවමත් වටහා නොගත් එක කාරණයක් තිබේ.ඒ මාලිමාව බලයට පත් කරවීමට වැඩියෙන් දායක වූයේ පොදු ජන පෙරමුුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා අනෙකුත් වමේ පක්ෂ වලට උපන්දා සිට ඡන්දය දුුුන් එවුන් බව ⁣නොසිතීමය.

තමන් විශ්වාසය තැබූ මාලිමාව ගැන කළකිරීමක් මතු වෙන විට තමන් හා ජීවිත කාලය තුළ ගනුදෙනු කළ දන්නා කියන දේශපාලන ඔඩොක්කුවට නැවත යන්නට මේ අයවළුන් දෙවරක් නොසිතනු ඇත. කොම්රේඩ් කාඩරය ගේ ආතල් එක චප්ප වන්නේ අන්න එදාටය.

බලය ලබා ගන්න ගමන් සූදුව.....

අප මේ පූර්විකාව ලිව්වේ

රාජපක්ෂ වරුන් නැවත බලය ලබා ගන්නට කරගෙන යන සූදුව ගැන අනාවරණය කරන්නටය. ඔවුන්ට එරෙහිව මේ වන විට අධිකරණ තුළ විභාග වන නඩු තමන් ගේ වාසිය⁣ට නතු කර ගැනීමේ මනෝ මූලික මෙහෙයුමක්ද රාජපක්ෂ කල්ලිය දියත් කර තිබේ.

ජනපතිවරයා පසුගිය දිනක මේ නඩු සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මේ කල්ලිය⁣ දැන් උඩ දමමින් සිටී. එහිදී මේ තක්කඩියන් සමාජයට අඟවන්නේ ජාජබ ආණ්ඩුව අධිකරණය යොදා ගනිමින් අහිංසක තමන්ට දඬුවම් කිරීමට සැළසුම් කර තිබේය යන අදහස සමාජගත කරමිනි.

සැබවින්ම ආණ්ඩුවේ ඇත්තන්ගේ කට කැඩිච්ච කතා භූමරංගයක් මෙන් ආපස්සට කැරකී ආණ්ඩුවේ මූණ කට සමතලා වෙන්නට වදින වටපිටාවක් දැන් නිර්මාණය වී තිබේ. රාජපක්ෂ කල්ලියට එරෙහිව අධිකරණයේ පවතින නඩු හා ඒ නඩු වල සාක්ෂි ගැන අවබෝධයක් තිබෙන පුරවැසියෙකුට ඒවායේ තීන්දු පිළිබඳව සිතා ගැනීම අපහසු නොවේ. ජනපතිවරයාට ඒ නඩු සම්බන්ධයෙන් අමුතුවෙන් බලපෑමක් කරන්නට අවශ්‍ය වන්නේද නැත.

ගින්දර කෑ උන්ට වෙන වින්නැහිය.....

ගින්දර කෑවා නම් අඟුරු ⁣රෙන්ට වෙන බව මෙච්චර කාලයක් රාජපක්ෂ කල්ලිය සිතුවේ නැති බව නම් සහතිකය. එහෙත් දැන් සියල්ල උඩු යටිකුරුවී තිබෙි. වැරදිකරුවන්ගේ ඇඟ පත රිදවන තරමට හා හිස කැක්කුම ඇති වෙන විදියට අධිකරණය දැන් ස්වාධීන වී ඇති බවද පැහැදිලිය.

කප්පම් ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ වැරදිකරු වූ හිටපු ඇමති ප්‍රසන්න රණතුංග වැන්නන්ගේ දේශපාලන බල පරාක්‍රමය ඉදිරියේ වල්ගය වන වනා ලබා දෙන ලද බබා හුකුම් තීන්දු වර්තමාන අධිකරණයෙන් වානාය.

ජාජබ ආණ්ඩුවට කෝචෝක් කරන රාජපක්ෂ කල්ලිය ඒ අස්සේ තමන්ට එරෙහිව තිබෙන නඩු වලින් මගෝඩි ආකාරයෙන් වංගු ගසන්නට කුමන්ත්‍රණය කරමින් සිටින බවට අනාවරණය කෙරෙන තොරතුරක් අලුත්කඩෙන් වාර්තා විය. ඒ පසුගිය 05 වෙනිදාය.

ශ්‍රී ලංකා ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමෙි සිද්ධියට රිමාන්ඩ් භාරයට පත් කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කෙසෙල්වත්ක පොලීසිය මගින් එදින අත් අඩංගුවට ගන්නා ලදී. මේ පුද්ගලයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රාජපක්ෂලාගේ කුලී ඇපකාරයෝ....

අධිකරණය විසින් මෙතෙක් කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සි⁣ටි කපිිල චන්ද්‍රසේන රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරිමට නියෝග කර තිබුණි. ඉන් ඇප දෙකක් අත්සන් කිරීමට පැමිණ ඇත්තේ මේ සැකකරුවන් දෙදෙනාය. මේ දෙදෙනා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් හා මොහොමඩ් ඉර්ෂාන් නම් වූ මුසල්මානුවන් දෙදෙනෙකි.

කෙසේ වෙතත් ඇප පනතේ 10 වන වගන්කිය ප්‍රකාරව මේ පුද්ගලයන් දෙදෙනාට කපිල චන්ද්‍රසේන අධිකරණය⁣ට ඉදිරිපත් කිරීමට නොහැකි බවත්, ඇපකරුවන් හා කපිල චන්ද්‍රසේන අතර කිසිදු සම්බන්ධ⁣යක් නැති බවටත් අධිකරණ නිළධාරීන්ට ඇතිවූ සැකයයක් මේ සැකකරුවන්ට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබුණි. එම පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් පොලීසිය විසින් අත් අඩංගුවට ගැණිනි.

රාජපක්ෂලාට මුවා වුණු "තිස්ස" කවුද?

මේ සැකරුවන් පොලීසියට ලබා දී ඇති කට උත්තරයට අනුව දේවා හා තිස්ස යන පුද්ගලයන් දෙදෙනෙකු ගේ ඉල්ලීමට අනුව ඔවුන් විසින් ලබා දෙන ලද රුපියල් 15000ක මුදලකට තමන් අදාල ඇප අත්සන් කිරීමට එකඟ වූ බව සඳහන්ය.

රුපියල් ලක්ෂ 100ක ශරීර ඇපයක් තැබීමට මේ සැක කරුවන්ට වත්කමක් නැති බව හා ස්ථිර ආදායම් මාර්ගයක් ⁣නොමැති බවත් පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ. ඒ අනුව සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා, ඇප තැබීම සඳහා මොවුන් ග්‍රාම නිලධාරි සහතික ලබා ගැනීම පිළිබඳ විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කරන ලදැයි වාර්තා වේ.

⁣මේ සිද්ධිය නිසාම මේ වන විට රාජපක්ෂවරුන්ට එරෙහිව පවරා තිබෙන නඩු වල චුදිතයන් ලෙස ඇප මත මුදා හැර සිටින්නන් සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවේ. මෙරට ක්‍රියාත්මක වන උසාවි ආසන්නයේ කුලියට ගත හැකි ඇපකරුවන් ඕනෑ තරම් සිටිති. මේ කුලී ඇපකරුවන් නීතිඥවරුන්, අධිකරණ නිළධාරීන් හා පොලීසිය සමග සම්බන්ධතා පවත්වන්නන් වේ.

නඩුවට පෙනී නොසිට රටින් පැන යන සැකකරුවන් බොහෝ විට මෙවැනි කුලී ඇප කරුවන්ගේ සේවය ලබා ගනිති. එහිදී ශරීර ඇපයේ වටිනාකම ගෙවා කුලී ඇප කරු අධිකරණ දඬුවමෙන් මුදා ගැනීමට රටින් පැන යන සැකකරුවන් කටයුතු කරයි. මේවා ඇප පනතේ සංශෝදනය විය යුතු බරපතල අඩු පාඩුකම්ය. දැනට අධිකරණ චෝදනා ලබා ඇප මත මුදා හැර සිටින රාජපක්ෂ කල්ලියේ චුදිතයන්ට ඇප අත්සන් කර ඇති අයවළුන් ගැන සැකයක් මතු වන්නේ යැයි අප ලිව්වේ මේ කාරණා නිසාය. 


මේ අතර කපිල චන්ද්‍රසේනට ඇප තබන්නට පැමිණි කුලී ඇප කාරයන් විසින් තමන්ට කොන්ත්‍රාතුව ලබා දුන් දෙදෙනා දේව හා තිස්ස නම් වු අයවළුන් බව ප්‍රකාශ කර ඇත. මින් "තිස්ස" යන නම රාජපක්ෂ පවුලේ සිද්ධි ගණනාවකදී කි⁣යවෙන කපිතාන් තිස්ස දැයි අපට සැකයක් මතුවෙි. 


තාජුඩීන් ඝාතනයේදී ද "තිස්ස" නම් සැකකරුවකු ගැන කියවේ. කුලී ඇප කරුවන් ලවා ඇප අත්සන් කර බන්ධනාගාරයෙන් එලියට එන කපිල චන්ද්‍රසේනගේ ඊළග සැළසුම වී තිබුණේ මෙරටින් අතුරුදන් වීම බව නිසැකය.


රාජපක්ෂලාගේ මරු කියවිල්ලෙන් තේරුම..

අධිකරණය ඉදිරියේ චුදිතයන් වී සිටින රාජපක්ෂ කල්ලියේ බොහෝ දෙනෙකු දැන් සිටින්නේ බියෙන් සලිතව බව ඔවුන්ගේ මරු කියවිල්ලෙන් තේරුම් ගත හැකිය. තමන් කර ඇති වරද හා ඒ සඳහා ලැබෙන දඬුවම ගැන දැන් ඔවුන්ගේ හෘද සාක්ෂියට දැනෙන්නට පටන් ගෙන තිබේ. 


හිටපු ඇමති ප්‍රසන්න රණවීර පසුගියදා ප්‍රකාශ කර තිබුණේ තමන් ඇතුළට ගියත් මෙි ආණ්ඩුව බලයෙන් පහ කිරීමට ඇතුලේ සිට ක්‍රියා කරන බවය. ඔහු මෙහිදී ඇතුළ යන්නෙන් අදහස් කර තිබෙන්නේ අච්චුව හා හිරගෙදර බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.


 "බබිත් සුං බබීගෙ අම්මත් සුං " නොවීමට...

තම චෞර කල්ලියට  සිර දඬුවම් විඳින්නට සිදුවීම ගැන පවතින සැකය ලේසියෙන් අත් හැර දමන්නට රාජපක්ෂවරුන් සූදානම් නැති බව අපි ආන්ඩුවට සිහිපත් කරමු. මේ සාහසිකයන් අම්මා අප්පා පවා නොසළකන මෙලේච්ඡයන්ය. ඒ නිසාම හෙ⁣ට අනිද්දා වෙන විට ආණ්ඩුවට මේ පාර්ශවයෙන් එල්ල වෙන ප්‍රහාරය "මිනිස් බිලි" ගැනීම දක්වා යා හැකි බවට අපි ආණ්ඩුවට අනතුරු අඟවමු. 


අද වන විට මේ සාහසික චෞර කල්ලිය මනෝ මූලික මෙහෙයුම් වලින් පිටිය සකසමින් සිටී. දැන් මේ හෝරාවේ ආණ්ඩුව නිරවුල්ව හඳුනා ගත යුත්තේ තමන්ගේ මිතුරන් කවුරුන් ද සතුරන් කවුරුන් ද යන වගය. ඒ සැබෑව නොතේරුම් ගත හොත් ආණ්ඩුවට සිද්ධ වන්නේ "බබිත් සුං බබීගෙ අම්මත් සුං " වීම බව ලියා තබන්නේ නොලියා ඉන්න බැරි කමට ය.



දක්ෂිණ ලියනාරච්චි ✍️