Back to home
Alerte infoSocial

අටමස්ථානාධිපති අත් අඩංගුවට නොගන්නා හේතුව මෙන්න...

අටමස්ථානාධිපති අත් අඩංගුවට නොගන්නා හේතුව මෙන්න...

පැවිදි හිමි වරුන්ට බුදු බණ උගන්වන්නට අපට නොහැකිය. උන්වහන්සේලා කරන කියන හැම කෙරුවාවක්ම බුදු බණ බව අපේ උපාසක උපාසිකාවන් ගේ අදහසයි. ඒ අදහස වෙනුවෙන් මරා ගෙන මැරෙන්ටද එවුන්දැලා සූදානම්ය. අපේ හිමි වරුන්ට බුදු බණ කියා දීමට යාම ආච්චිට හාල් ගරන්නට ඉගැන්වීමක් විය හැකි බව 'ඇත්ත' පුවත්පතේ පළ වූ සිරාගේ කතු වැකියක සඳහන්ව ඇත. සිරාගේ ඒ කතාව අම්මපා සහතික ඇත්තය.


මිහින්තලේ නායක හිමි , මඩකලපුව 

ආදී උන්නා⁣⁣නාසේලා දෙසන පට්ට කුණු හරුපද වර්තමාන මොඩි ෆයි බුදු බණට අයිතිය. අපේ උපාසක උපාසිකාවන් ඒ කුණුහරුප බණ සාධාරනීකරණය කරන්නේ අපි වඳින්නේ සිවුරට යැයි පැ⁣වසෙන ගොන් තර්කයද ඉදිරිපත් කරමිනි. අනේ කාලේ වනේ වාසේ. මේ බණ ඇහෙන විට අපට ඉබේටම ඇඬෙනවා ය.



අන්තයටම පිරිහී ඇති භික්ෂුත්වය...



බණ තලන්නට එපා යැයි බස් වහරේ හුවමාරු වෙන වදනක් ඇත.එහි යටි පෙළ අරුත කියවා ගන්නට බණ තැලීම පිට පොට හරවා ගත යුතුය. වර්තමානයේ භික්ෂු සමාජයෙන් ඇසෙන්නේ එවැනි බණ තලන කෙරුවාවල්ය. දැන් දැන් ඇහෙන ප්‍රවෘත්ති ශීර්ෂ වලින් ජරා වැඩකට මාට්ටු වුන බෞද්ධ චීවරධාරියෙකු හෝ දෙතුන් දෙනෙකු පිළිබඳව සතියකට හමාරක්  අනාවරණය කෙරේ. ඒ තරමට බෞද්ධ භික්ෂුත්වය අන්තයටම පිරිහී ඇති බව පෙනෙන්නට තිබේ. 


නිකාය මහා නායක හිමි වරුන්ට ඒ ගැන ව⁣ගේ වගක් නැත. මෑතකදී තායිලන්තයේ සිට මෙරටට මත් ද්‍රව්‍ය ⁣රැගෙන ආ භික්ෂූන් 22 දෙනෙකු අත් අඩංගුවට ගැණිනි. එම අත් අඩංගුවට ගැනීම කටුනායක ⁣ගුවන් තොටුපොළ ඉතිහාසයේ දැවැන්තම මත් ද්‍රව්‍ය තොගය විය. මෙම ජාවාරම මීට පෙර අවස්ථා ගණනාවකදී භික්ෂූන් යොදා ගනිමින් සිදු කර ඇතැයි ද මේ වන විට හෙළි වී තිබේ.


⁣මේ සිදුවීම මෙරට බෞද්ධ සමාජය බරපතල ලෙස කම්පනයට පත් කරවන සිද්ධියක් විය. ඒ සිද්ධියේ උණුසුම යන්නට පෙර වාර්තා වූයේ අටමස්ථානාධිපති පල්ලෙගම හේමරත්න නායක හිමියන් බාල වයස්කාර දැරියක අපහරණයට ලක් කර ඇති බවය.



අත් අඩංගුවට ගැනීමට වැලැක්වීම.....



මේ සිදුවීම් මෙර⁣ට බෞද්ධ සමාජය තුළ බරපතල ආකාරයට කතා බහ කරමින් තිබෙන වට පිටාවක, ආණ්ඩුවට සමාජයෙන් එල්ල වී ඇති චෝදනාව වන්නේ දැරියක අපහරණයට ලක් කර ඇති පල්ලෙගම නායක හිමියන් පොලිස් අත් අඩංගුවට ගැනීමට වැලැක්වීම සඳහා කුමන්ත්‍රණකාරීව මැදිහත් වී ඇති බවය.


මේ චෝදනාවේ සත්‍ය අසත්‍යතාව කුමක් වුවද මේ වන විටත් ඒ හිමියන් පොලිස් අත් අඩංගුවට ගෙන නැත. එබැවින් ආණ්ඩුවට ඒ පිළිබඳව චෝදනාවක් එල්ල වීම සාධාරණය.




නායක හිමි ආරක්ෂක ලේකම්ගේ මස්සිනා..



කෙසේ වෙතත්  මෙතෙක් ජනමාධ්‍ය මගින් අනාවරණය ⁣නොකරන ලද තොරතුරක් අප සතුව පවතී. ඒ තොරතුර ගැන අවධානය යොමු කරන විට පල්ලේගම හේමරත්න නායක හිමියන් පොලිස් අත් අඩංගුවට නොගැනීම සිඳු වන්නේ ඒ නිසා බවට සැකයක් නැතුවම තහවුරු කර ගන්නට පුළුවන. 


පල්ලේගම හේමරත්න නායක හිමියන්, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ⁣ ලේකම් රවි සෙනෙවිරත්න ගේ මස්සිනාය. ළිඳට බහින විට කඹය දෙන්නේ මස්සිනා අතට බව අපේ ජනවහරේ කියමනක් තිබේ. එය එසේ වන්නේ නම් මෙි දෙමස්සිනාලා අතර පවතින සහ සම්බන්ධය ගැන අප සැකයක් තබා ගත යුතු නැත.


පල්ලෙගම හේමරත්න නායක හිමියන් තවමත් පොලිස් අත් අඩංගුවට පත් නොවන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාගේ මැදිහත් වීම නිසා බවට අපට ඇති වී තිබෙන සැකය නිරාකරණය කිරීම ජාජබ ආණ්ඩුවේ වගකීමයි.


පල්ලෙගම හේමරත්න නායක හිමියන්  දැරිය අපහරණයට ලක් කර ඇත්තේ 2023 වර්ෂයේ බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. මේ දැරිය මෑතකදී නිට්ටඹුව ලැගුම්හලක තරුණයකු සමග සිටියදී පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරියා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ සියල්ල අනාවරණය විය. 



දැරිය දුන්නේ ගත්තු ණයට හිලව් වෙන්න....



දැරියගේ දෙමවුපියන් රුවන්වැලි සෑය ඉදිරිපිට මල් විකුනා ජීවත්වන්නන්ය. මේ දෙදෙනා පල්ලෙගම හේමරතන නායක හිමියන්ගෙන් ණය මුදලක් ලබා ගෙන ඇති බවත් ඒ ණය ගෙවා ගැනීමට නොහැකි වූ දැරියගේ මව විසින් මෙම දැරියව නායක හිමියන් ගේ ආශාවන් සන්තර්පනය සඳහා යොමු කර ඇති බවත් පැවසේ. ඒ දැරියගේ මවද මේ හිමියන්ගේ අනියම් බිරිය බවද දැන ගැන්මට තිබේ. මේ වන විට පොලීසිය විසින් මේ සිද්ධිය පිළිබඳව අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වී ඇත.



චෝදනාව යටපත් කරන්න දැරියට පිස්සු හදන සැලසුමක්....



පල්ලේගම හේමරතන හිමියන්ගේ පාර්ශවය, හිමියන්ට එරෙහිව එල්ල වී ඇති අපහරණ චෝදනාව යටපත් කරන්නට බලවත් උත්සාහයක නිරත වී සිටී. එහිදී ඔවුන් දැරිය මානසික ආබාධයකින් පෙළෙන බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේ සැළසුමක් පවතී. තවමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත් වීමක් කර නැත.


ඇතැම් බෞද්ධ භික්ෂූන් ඕනෑම තක්කඩි පාදඩ වැඩක් කර ඒ වැරදි වලින් නිර්දෝෂී වීම සඳහා චීවරය බංකරයක් කර ගෙන තිබීම කණගාටුදායකය. එහිදී බෞද්ධ සමාජය ඒ සඳහා උඩ ගෙඩි දෙන්නේ  "අපි වඳින්නේ චීවරයට" බව ප්‍රකාශ කරමිනි.

මේ සමාජයට, චීවරය මිස චීවරය පොරවා ගෙන සිටින්නා වැදගත් කමක් නැති බව ඉන් ඇඟවේ. මේ සිතීම තක්කඩි භික්ෂූන්ට "කල්ල මරේ ලයිෂමක්" වී තිබෙන බව පැහැදිලිය.



බුදුන් පැනවූ විනය නීතිත් අවභාවිත කරයි...



පාරාජිකා පාලිය භික්ෂූන් උදෙසා පැනවු විනය නීති ඇතූළත් වන විනය පිටකයේ පොතකි. එහිදී බුදුන් වහන්සේ සංඝයා වහන්සේලාට ශික්ෂා පද පැනවීමේදී ස්ත්‍රියකගේ මුඛ මග, ගුද මග, යෝනි මග,

තල ඇටයකදු ලිංගේන්ද්‍රිය ඇතුල් නොකරනු යන්න නීතියක් ලෙස අවධාරණය කර ඇත. ඒ භික්ෂූන් විසින් සාමාන්‍ය ලිංගික ක්‍රියා පිළිබඳව බුදුන් පැනවූ ශික්ෂා පද හොර පාරවල් සොයා ගොස් කඩ කළ නිසා එසේ පනවා ඇත.


ස්ත්‍රීයක් සමග කාමයේ නොහැසිරෙනු යනුවෙන් බුදුන් ශික්ෂා පදයක් පැනවූ කළ ස්ත්‍රීයක හා කාමයේ හැසිරෙනවාය යන්න සම්මත අයුරින් යෝනි මගට ප්‍රවිශ්ට කිරීමය. එම නිසා වෙනත් මගක් තෝරා ගත හොත් ඇවැත් නැතැයි යන නීතිමය පැත්ත පමණක් ගෙන සමහර භික්ෂූන් වැඳිරියන් සමගද සමහරු යෝනි මග නොමැතිව වෙනත් මං පාවිච්චියටද පෙළඹුනාහ. සමහර භික්ෂූන් තිර කඩකින් ස්ත්‍රිය වට කොට පිටත සිට මෛථුනයේ යෙදුනෝය. එහිදී ඔවුන් කියා සිටියේ ස්ත්‍රී යෝනියට ඇතුළු වන්නේ රෙද්ද මිස පුරුෂ ලිංඟය නොවේය යනුවෙන්ය. 


සමහරක් භික්ෂූන් නැවී තමන්ගේ ලිංගේන්ද්‍රිය මුඛයට ගෙන සංතර්පනය වූවෝය. සර්කස් කණ්ඩායමකට බැඳී සිට පසුව පැවැදි වූ එක් භික්ෂුවක් ඉතා දීර්ඝ වූ ඔහුගේ ලිංගේන්ද්‍රිය නවා තම ගුද මගට ඇතුළු කොට සන්තර්පනය විය. මේ ආදී වශයෙන් බොහෝ උපාය උපක්‍රම කොට බුදුන් ජීවමානව සිටි කාලයේදීම භික්ෂූන් ශික්ෂාපද කඩ කළහ. 


මේ සියළු කාරණා හේතුවෙන් අවසානයේදී බුදුන් පැවිද්දන්ට පැනවූ අවසන් ලිංගික තහංචි සිඛ පදය වූයේ සතුන්ගේද, ස්ත්‍රීන්ගේද, එමෙන්ම මනුෂ්‍යන් ගේද මුඛ මග, යෝනි මග, ගුද මග, සිය ලිංගේන්ද්‍රිය තල ඇටයකුදු පමණ ඇතුළු කරනු එපාය යන්නය.



බුදුන් වහන්සේව වෙළඳ සළකුණක් කරන ජාවාරම්කාර කල්ලි⁣ය....



එහෙත් වර්තමානයේ ඇතැම් භික්ෂූන් බුදුන් වහන්සේ පැනවූ මේ විනය නීති තඹ දොයිතුවකට ගණන් නොගන්නා බව තහවුරු වී තිබේ. බෞද්ධ පිරුවටයෙන් සිය කුණු ආත්මය වසා ගෙන වැජඹෙන මේ ජාවාරම්කාර කල්ලි⁣යට බුදුන් වහන්සේ යනු වෙළඳ සළකුණක් පමණකි.


පසුගියදා දඩ මස් තොගයක් ළඟ තබා ගැනීමේ වරදට පොලිස් අත් අඩංගුවට ගත් ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන භාර කාර කපුවා, පොලීසියට කට  උත්තර ලබා දී තිබුණේ ඒ දඩ මස් තමන් සන්තකයේ තබා ගත්තේ අටමස්ථානාධිපති හිමියන්ගේ දානය සඳහා බවය. දානය ගැන කපුවා කළ සඳහනින්ම පොලීසිය ඉන් එහා ඒ ගැන පරීක්ෂණ කිරීම අත් හලේය.


මීට පෙර අපවත් වී වදාළ අටමස්ථාන හිමියන් ගේ කෝටි ගණනක දේපොළෙහි හිමි කාරිත්වය පවරා තිබුණේ ඒ උන්නාන්සේගේ අනියමි බිරිඳගේ දියණියන්ටය. ප්‍රශ්ණය වන්නේ බෞද්ධ සමාජය භික්ෂූන් ගේ මේ වැරදි බරපතල ලෙස නොසැළකීමය. නිකාය වල නායක හිමිවරුන්ද ඒ ගැන අවධානයක් යොමු නොකරයි. 


එවන් පසුබිමක් තුළ අපට සිතන්නට තිබෙන්නේ හැම දෙනාගේම කිල්ලෝටවල හුණු බිඳක් තියෙන බව පමණය. ගුරා හිට ගෙන හුජ්ජ කරන විට ගෝලයන් දුව දුව හුජ්ජ කරනවා කියන්නේත්, අබුදස්ස කාලයේ භික්ෂූන් ගේ මේ කෙරුවාවල් වලටය.



සන්ජය අබේසිංහ✍️