දුෂණය නැති කරනවා කියලා ආපු ආණ්ඩුවේ 'කලිසම ඔලුවෙන් ගලවලා.'

රජයේ ආයතන තුළ අභ්‍යන්තර ඒකක පිහිටුවන ලෙස ජනාධිපති ලේකම් විසින් අංක PS/SB/Circular/2/2025 දරන චක්‍ර ලේඛය නිකුත් කරන ඇත්තේ 2025 පෙබරවාරි මස 18 වන දින දී ය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවා ඇත්තේ එම චක්‍ර ලේඛය නිකුත් කර වසරක් ගතවූ පසුවය. එනම් 2026 පෙබරවාරි මස දී ය.
ප්‍රමාද වී හෝ එම ඒකකය පත් කිරීම පිළිබඳව අප සතුටට පත් වන නමුත්, අදාළ ඒකකයට පත් කර ඇති පුද්ගලයින් දෙස බැලූ විට අපට මේ ආණ්ඩුව කෙරෙහි හිරිකිතයක් සේම, ආණ්ඩුවේ ගොං පාට් පිළිබඳව අපුලක් ද දැනේ.
වත්මන් රජය විසින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට කැබිනට් තීරණයක් මගින් පත් කරනු ලැබුවේ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර නමැත්තා ය. ඔහු වැඩ භාරගත්තේ 2025 ජනවාරි මස දී ය.
වසරක් ප්‍රමාද කරලත් පත් කළේ දූෂිතයන්...
දුෂණ වංචා පිටුදැකීම ප්‍රධාන තේමාව වූ වත්මන් රජයෙන් පත් කළ මෙම අධ්‍යක්ෂ ජනරාල් වරයා, දුෂණ වංචා විශාල වශයෙන් සිදු වෙන මෙම දෙපාර්තමේන්තුවට අභ්‍යන්තර කටයුතු ඒකකයක් පත් කිරීමට වසරක් තරම් කාලයක් ප්‍රමාද කළේ ඇයිද යන්න ගැටළුවකි.
වසරක් ප්‍රමාද කිරීමෙන් පසුව හෝ මෙම ඒකකය ඇති කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිදු වූයේ, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ආයතනයයේ දුෂිත නිලධාරීන් පිළිබඳව නිර්ධය ලෙස කරුණු හෙළිදරව්වීමෙන් ඇති වූ පීඩනය නිසා බව පැහැදිලි ය.
දැන් ගැටළුව වි ඇත්තේ ප්‍රමාද වීමේ කාරණයට වඩා බරපතල එකකි. එනම්, අල්ලසෙන් හා දුෂණයෙන් තොර රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා පත් කළ මෙම ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ අන්ත දූෂිතයෙක් ලෙස නම් දරා සිටින අතිරේක අධ්යක්ෂ ජනරාල්, ලංකා රාමනායකව ය. ඊට අමතරව එහි අනෙකුත් සාමාජිකයින් ලෙස පත් කර ඇති නිලධාරීන් අතර, දුෂිත ඉංජිනේරුවෙකු වන සුරංග නන්දසේන සහ දුෂිත සහකාර අධ්‍යක්‍ෂවරයකු වූ තුෂාර ඉඳුනිල් යන අය ද සිටිති.
දුෂණයෙන් තොර රාජ්‍ය සේවයක් හදන්න හදන ප්‍රධානියාගේ දූෂිත ඉතිහාසය.....
අල්ලසෙන් හා දුෂණයෙන් තොර රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට පත් කළ මෙම ඒකකයේ ප්‍රධානියා වූ අතිරේක අධ්යක්ෂ ජනරාල් ලංකා රාමනායක යනු පහත සඳහන් චෝදනා වට ලක් වී ඇති හා සමහර චෝදනා වලට වැරදි කරු වී ඇති අන්ත දූෂිත පුද්ගලයෙකි.
1. ) මොහු දකුණු පළාත් වාරිමාර්ග අධ්‍යක්‍ෂ ලෙස සිටි 2022 වර්ෂයේ දී, දින තුනක් තුළ රුපියල් මිලියන 8 ක් වටිනා drone චායාරුප ගැනීමේ ව්‍යාපෘතියක් සිදුකිරීමෙන් දුෂණයක් සිදු කර ඇති බවට විගණන විමසුමක් මඟින් හෙළිදරව් කරනු ලැබූ අයෙකි. මේ වන විට එකී විමර්ශනය පැවැත්වෙමින් තිබේ.
2. ) දකුණු පළාත් වාරිමාර්ග අධ්‍යක්‍ෂ ලෙස සිටි අවධියේ කිසිදු ප්‍රයෝජනයන් නොමැති යන්ත්‍ර සුත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් මොහු චෝදනවට ලක් වී ඇති අයෙකි.
3. ) මොහු දකුණු පළාත් ඉංජිනේරු සේවා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලෙස සේවය කළ අවධියේ, කාර්යාලයේ වාහන අවභාවිතා කරමින් වරදකරු වී රජයට මුදල් ගෙවීමට නියම වී ඇති අයෙකි.
4. ) මාතර තලල්ල උතුර ධර්ම විජය මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේ ව්‍යාපෘතිය සඳහා හිතවත් කොන්ත්‍රාත්කරුවෙකුට නීති විරෝධී ආකාරයෙන් කොන්ත්‍රාත්තුව ලබාදීමට නිලධාරීන්ට බලපෑම් කිරීම සහ එය ලබාදීමට උත්සහ කිරීමේ චෝදනාවට මොහු ලක් වූ වෙකි.
5. ) මොහු දකුණු පළාත් ඉංජිනේරු සේවා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලෙස වෙනත් නිලධාරියෙකු නිවැරදි ක්‍රමයට පත් කර තිබියදී, තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා යොදා ගනිමින් බලහත්කාරයෙන් එම තනතුරේ දිගින් දිගටම රැඳී සිටීමට උත්සහ කළ අයෙකි. (ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගේ මැදිහත්වීමෙන් එම උත්සාහය ව්‍යර්ථ වූ බව දැනගන්නට තිබේ.)
6. ) මේ වන විට මොහු රාජකාරී කරන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් තනතුර, ඉංජිනේරු සේවයේ C7 කාණ්ඩයට අයත් තනතුරකි. නමුත්, මොහු එම කාණ්ඩයට අයත් නැති අතර, තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා භාවිතා කරමින් එම තනතුර ලබා ගැනීමට මොහු ක්‍රියා කර තිබේ. මොහු අයත් වන්නේ C5 කාණ්ඩයට ය.
7. ) මොහු, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ලෙස සිටිමින්, රුපියල් මිලියන් 5 ක වටිනා drone චායාරුප ගැනීමේ ව්‍යාපෘතියක ලංසු ඇගයීම් කමිටුවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරමින්, දුෂිත ලෙස තමන්ට හිතවත් සමාගමකට ලන්සුව ලබා දී තිබේ. මෙහිදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ තදබල ලෙස උල්ලංඝනය කර ඇති අතර, දකුණු පළාත් වාරිමාර්ග අධ්‍යක්‍ෂ ලෙස සිටි 2022 වර්ෂයේ දී දුෂිත අයුරින් ලන්සුවක් ලබාදුන් සමාගමටම මෙවරද දුෂිත අයුරින් ලන්සුව ලබා දී ඇත.
8. ) මිට අමතරව මොහු විසින් පසුගිය කාලය පුරා කෝටි ගණන් වත්කම් හා මුදල් තැන්පතු ගොඩනගා ගෙන ඇති අතර, රජයේ සේවකයෙක් ලෙස ඔහු ලබාගත් ආදායම සමග සසදන විට මොහුට මේ වන විට පවතින වත්කම් ප්‍රමාණය ඇදහිය නොහැකි තරම් වේ.
ජනාධිපති ලේකම්ගේ චක්‍ර ලේඛය
අමු අමුවේ උල්ලංඝනය කරලා...
ඉහත සඳහන් ආකාරයේ චෝදනා වලට ලක් වී මේ වනවිට විමර්ශනයක් ද පැවැත්වෙමින් පවතින අවස්ථාවක හා වාහන අවභාවිතයන් සඳහා වරදකරු වී ඇති පුද්ගලයෙකුව සිටිය දී, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානි තනතුර ලබාදීමට කටයුතු කිරීම, 2025 පෙබරවාරි මස 18 වන දින ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද අංක PS/SB/Circular/2/2025 දරන චක්‍ර ලේඛයේ 3.3 වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
අදාළ චක්‍ර ලේඛයේ 3.3 වගන්තියේ සඳහන් වන්නේ, අපරාධ වාර්තාවක් හෝ මුල්‍ය විෂමචාරයක් නොමැති ඉහළ සුපිලි පන්නතාවයක් ඇති පුද්ගලයෙකු ලෙස සලකනු ලබන ආයතනයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු ප්‍රධානියා ලෙස පත් කොට අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටවිය යුතු බවයි. නමුත් සිදු වී ඇත්තේ සම්පුර්ණයෙන් එහි ප්‍රතිරුද්ධ දෙයයි. එනම්, දුෂණ චෝදනා වැඩිපුරම එල්ල වී ඇති හා වාහන අවභාවිතය සඳහා වරදකරු වී ඇති පුද්ගලයෙකුව ප්‍රධානියා ලෙස පත් කිරීමයි.
පත් කළ සාමාජිකයෝ අතරත් දූෂිතයෝ....
එසේම, අනවසර ඉදිකිරීම් සඳහා ඉවත් කිරමේ නියෝග පවා නිකුත් කරමින් තිබු හෝටලයක අයිතිකරුවෙකු සමග එම හෝටලය තුල අයිතිකරුගේ අනුග්‍රහයෙන් මධුවිත පානය කිරීමේ වීඩියෝවක් සමාජ මාධ්‍යය තුල නිකුත් වී චෝදනාවට ලක්වුණු සහ වැල්ලමඩම වෙරළ උද්‍යානය විවෘත කිරිමේ උත්සවයට අදාළ මුදල් වංචාවක් පිළිබඳව චෝදනාවට ලක්ව විමර්ශන පවා ආරම්භ කර ඇති, සහකාර අධ්‍යක්‍ෂ තුෂාර ඉඳුනිල් ද මෙම අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇත. ( මේ වන විට එම විමර්ශන කටයුතු පවා සුක්‍ෂම ලෙස අඩාල කර ඇති බව ද දැනගන්නට ලැබී තිබේ.)
එසේම තම බලය භාවිතා කර අයථා ලෙස මුදල් උපයා ගනිමින් කෝටි ගණනක දේපල අත්පත් කරගැනීම, ( හෝටල් පවා ) එසේම බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය හරහා ව්ශාල ලෙස අල්ලස් ලබාගැනීම, නීති විරෝධී ලෙස ගේබියන් බැමි සඳහා අවසර ලබාදීම මගින් විශාල ප්‍රමාණයෙන් මුදල් ලබාගනිමින් වත්කම් මිලදී ගැනීම ආදීය පිලිබඳ චෝදනා තිබෙන, අයථා වත්කම් පිලිබඳ මුල්‍ය අපරාධ කොට්ටාශයට පවා පැමිණිලි ලැබී විමර්ශන සිදුවන දුෂිත ඉංජිනේරුවෙකු වන සුරංග නන්දසේන ද මෙම ඒකකයේ සාමාජිකයෙක් ලෙස පත් කර ඇත.
දූෂිතයන්ව සුපිළිපන් කරන අධ්‍යක්ෂ ජනරාල්.......
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම සමග පවා ගනුදෙනු කිරීමේ බලතල ඇති මෙම ඒකකයට, ආයතනයේ සුපිලිපන්ම නිලධාරීන් පත් කළ යුතු බව සඳහන් කර තිබිය දී, මෙම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර විසින් පත් කර ඇත්තේ, ආයතනය තුළ සිටින දුෂිතම පුද්ගලයින්ව ය.
ආයතනය තුළ දුෂණ චෝදනා නොමැති නිලධාරීන් සිටිය දී, මෙවැනි දුෂිත නිලධාරීන් අභ්‍යන්තර කටයුතු ඒකකයට පත් කිරීම මගින් පෙනීයන්නේ අධ්‍යක්‍ෂ ජනරාල් වරයාට අවශ්‍ය වී ඇත්තේ ආයතනය සුපිලිපන් කිරීමට නොව, ආයතනය තුළ සිදුවන දුෂණ මෙම ඒකකය මගින් යට ගැසීමට සහ දුෂණයට විරුද්ධ නිලධාරීන් බොරු චෝදනා නගා දඩයම් කිරීමට බව පැහැදිලි ය.
දුෂණ වංචා නැති කිරීමට පත් කළ ආයතන ප්‍රධානියා, ආයතනයේ සිටින දුෂිත නිලධාරීන් සමග එකතු වී දුෂණ වංචා යට ගැසීමට උත්සහ කිරීම ඉතාම කණගාටුවට කරුණකි.
ආණ්ඩුවේ කලිසම් ඔලුවෙන් ගලවලා....
දුෂණ චෝදනා නිසා දකුණු පළාත් සභාවෙන් පැන්නු දුෂිත ලංකා රාමනායකව, වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ලෙස පත් කර ඇත්තේ, ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන පාසල් මිතුරන්ගේ සහයෙන් ය. රාමනායක නමැත්තා වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ලෙස පත් කිරීමට අමතරව, මොහුගේ සුපුරුදු හොරකම් මෙම ආයතනය තුළ ද සිදු කරමින් සිටින බවට චෝදනාවට ලක්වී ඇති අවස්ථාවක, එම පුද්ගලයාවම එම ආයතනයේ දුෂණ වංචා වැළක්වීම සඳහා පිහිටුවන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානියා කිරීම, දුෂණය නැති කරනවා යයි කයිවාරු ගසන ආණ්ඩුවේ කලිසම ඔලුවෙන් ගැලවිමක් ය.
දූෂණය පිටුදකින නිලධාරීන්ගෙන් පළිගන්න නිසා...........
වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ගේ අත්සනින් යුතුව නිකුත් කළ, "අභ්‍යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit – IAU) සඳහා සාමාජිකයින් ලෙස පත් කිරීම සහ කාර්යභාර නියම කිරීම." යන ශීර්ෂය සහිත ලිපිය අප සතුව පවතී. එහෙත් එම ලිපිය මේ සමඟ අමුණා ඉදිරිපත් නොකිරීමට අප තීරණය කළේ, එම ලිපිය අප වෙත ලැබුණේ කුමන පුද්ගලයාගෙන් ද යන්න පාලනාධිකාරියට සොයා ගැනීමට පහසු වන බැවිනි. එසේම පාලනාධිකාරියේ සිටින දූෂිතයන්, අප වෙත තොරතුරු ලබා දෙන දෙපාර්තමේන්තුවේ තුළ සිටින දූෂණයට එරෙහි නිළධාරීන්ට එරෙහිව පලිගැනීම් සිදු කිරීමට ඉඩකඩ ඇති බව ද අපි දනිමු.
කෙසේ වෙතත් අප සතුව පවතින එම ලිපියෙහි අඩංගු සියලු තොරතුරු ඒ අයුරින්ම මෙසේ පහතින් පළ කරමු.
වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තුළ අභ්‍යන්තර කටයුතු ඒකකයක් (Internal Affairs Unit – IAU) පිහිටුවීම....
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 හා 2025.02.18 දිනැති චක්‍ර ලේඛය හා එහි සදහන් උපදෙස් වලට අනුව, වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තුල අභ්‍යන්තර කටයුතු ඒකකයක් (Internal Affairs Unit – IAU) පිහිටුවීමට තීරණය කර ඇත.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ සුපිළිපන්නභාවය තහවුරු කරමින් අල්ලසෙන් හා දුෂණයෙන් තොර රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහාත් රාජ්‍ය අංශය පුරා විනිවිදභාවය, වගකීම හා රජයේ සේවාවන් සියලුම පුරවැසියන්ට ඵලදායි ලෙස සැපයීම අරමුණු කරගනිමින්, මෙම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජික ලෙස ඔබ පත් කරන බව දන්වා සිටින අතර, සෙසු නිලධාරීන්ගේ විස්තර පහත පරිදි වේ.
01. ඒකකයේ ප්‍රධානි -
එල්. අයි රාමනායක මහතා - අතිරේක අධ්යක්ෂ ජනරාල් (වෙරළ ඉංජිනේරු)
02. සුපිළිපන්න නිලධාරියා - එම්.එම්.එම්.ජේ මංචනායක මහතා
03. සාමාජිකයින්
බි.එච්.ජේ ප්‍රේමතිලක මහතා
කේ. තිරුකුමාර් මහතා
ඩි.ටී. රූපසිංහ මහතා
ආර්.පී.එස්.ඩි පත්මසිරි මහතා
කේ.පංචාලි ප්‍රනාන්දු මහත්මිය
එස්.ඒ මහාරච්චි මෙනවිය
බි.ජි.එස් .සි නන්දසේන මහතා
කේ.එච් රුවන් ශ්‍රියන්ත මහතා
කේ.බි.වී.ටී ඉඳුනිල් මහතා
යු.එච් වන්නිආරච්චි මහතා
ඊ.පී දමයන්ති මහත්මිය
එම් තුල්සිදාසන් මහතා
ජි. දර්ශන් මහතා
අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් පහත සඳහන් කාර්යභාරයන් ඉටුකළ යුතුවේ.
01. දෙපාර්තමේන්තුව තුල යහපත් පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කිරීම හා ප්‍රවර්ධනය කිරීම.
02. ආචාර ධර්ම, විනය, වෘත්තීය හැසිරීම සම්බන්ධයෙන් පවතින අවධානම් හඳුනාගෙන ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.
03. අක්‍රමිකතා, දුෂණ, අයුතු ක්‍රියා හෝ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිලිබඳ මුලික විශ්ලේෂණ සහ සමාලෝචන සිදු කිරීම.
04. අභ්‍යන්තර පාලන පද්ධති ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ හා වැඩිදියුණු කිරීම් පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම.
05. ජාතික දුෂණ විරෝධී ප්‍රතිපත්ති ජාත්‍යන්තර වගකීම් හා අදාල නීති රීතිවලට අනුකුලතාවය තහවුරු කිරීම සඳහා සහය ලබාදීම.
06. අභ්‍යන්තර ඒකකයේ මාසික රැස්වීම් පවත්වමින් ඒ සම්බන්ධ වාර්තා හා නිර්දේශ මා වෙත ඉදිරිපත් කිරීම.
07. අදාල චක්‍රලේඛ, මාර්ගෝපදේශ හා ඉහළ කළමනාකරණ උපදෙස් අනුව ඔබට පැවරෙන අනෙකුත් කාර්යයන් ඉටුකිරීම.
මෙම පත්වීම 2026.02.09 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන අතර, අභ්‍යන්තර ඒකකයේ කටයුතු සම්බන්ධයෙන් රහස්‍යභාවය ආරක්ෂා කිරීම ඔබ සියලු දෙනාගේ වගකීමක් වන බවද දන්වා සිටිමි.
අභ්‍යන්තර කටයුතු ඒකකයේ සියලුදෙනාගේ එකමුතු සහයෝගය තුළින් වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ යහපත් පාලනය හා ආයතනික විශ්වාසය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාස කරමි.
මහාචාර්ය පී.බි. ටර්නි ප්‍රදීප් කුමාර
අධ්‍යක්‍ෂ ජනරාල්
වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනකරණ දෙපාර්තමේන්තුව
සුනිල් ගාමිණී ජයලත්ගේ ✍️
(Jayalathge Sunil GAMINI ගේ fb පිටූවෙන් උපුටා ගන්නා ලදී.)