හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකළහොත් පැය 48 ක් ඇතුළත ඉරාන බලාගාර ඉලක්ක කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් එම තර්ජනය සිදු කොට වැඩි කාලයක් ගත වන්නටත් පෙර ඉරානය ඊට ප්‍රතිචාර දක්වා තිබේ.
ට්‍රම්ප් ගේ තර්ජනයෙන් පසු ඉරානය පවසන්නේ, තම රටේ බලාගාරවලට පහර දුන්නොත්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධ බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් මෙන්ම කලාපයේ ලවණ ඉවත් කිරීමේ කම්හල් ඉලක්ක කර දැඩි ප්‍රහාරයකට තමන් සූදානම් බවය.