Alerte infoPolitical
ආණ්ඩුව, අවුරුදු නැකත හතර අතේ ගා ගෙන.....

වැලේ වැල් නැතුව ඉන්න සුන්බුන් විපක්ෂයට මේ රජය හිටි ගමන් ආයධ දෙන බවත්, ඒවායින් හොඳ හැටි ගුටි කා මොළය පෑදුණු විට නැවත හරි තැනට එන බවත්. අවුරුදු නැකැත් සීට්ටු ප්‍රශ්ණයත් එවැනි සිදුවීමක් බවත් ප්‍රවීණ ජ්‍යෙතිෂයවේදී වලස්මුලේ පියසේන ගුණතිලක මහතා පවසයි.
පියසේන ගුණතිලක මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මුහුණු පොතේ සටහනක් පළ කරමිනි.
තව දුරටත් අදහස් දක්වමින් පියසේන ගුණතිලක මහතා පවසන්නේ, ජනාධිපති තුමාගේ සේයාරුව සහිත කණ්ඩායම් යොදා ගෙන, රටේ පවතින ඇතැම් සංස්කෘතික හර පද්ධතීන් , සිරිත් විරිත් සහ ක්‍රියාකාරකම් මිථ්‍යා විශ්වාස ලෙස හුවා දක්වමින් සුනඛ සෙයියාවෙන් දිගට හරහට පහර දෙන කාලකන්නි පිරිසක් මුහුණු පොත තුළින් මීහරක් වින්දනයක් ලබන බව ය.
ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ, මෙම ක්‍රියාවලිය ජනාධිපතිතුමාගේ හොඳ නමට කැලලක් ඇති කරන බව ය.