ට්‍රම්ප් ගෙන් ෂී ජින්පිං ට බලපෑම් සංඥාවක්.

චීන නායක ෂී ජින් පිං සමඟ පැවැත්වෙන සමුළුව සඳහා බීජිං වෙත යාමට පෙර, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර ගැනීමට චීනය උදව් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉරිදා 'ෆිනෑන්ෂල් ටයිම්ස්' සමඟ ඊයේ (15) පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට උදව් කරන ලෙස චීනයට සිදු කරන මෙම බලපෑම නිසා බීජිං සමුළුව ප්‍රමාද විය හැකි බවට ට්‍රම්ප් සංඥා කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට උදව් කරන ලෙස බීජිං රජයට බලපෑම් කිරීමට වොෂින්ටනය උත්සාහ කරන බැවින්, මේ මස අගදී සැලසුම් කොට ඇති තම චීන සංචාරය ප්‍රමාද විය හැකි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසයි.
ට්‍රම්ප් යෝජනා කළ ප්‍රමාණයට, හෝමූස් බාධා ඉවත් කිරීමට චීනය සූදානම් නොවන බව, මේ වන විට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව පෙනී යයි. මේ අනුව මෙම බලපෑම දැනටමත් බිඳෙනසුලු තත්ත්වයේ පවතින චීන - ඇමරිකා ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ අලුත් වූ කැළඹිලි ලක්ෂ්‍යයක් අවධාරනය කරයි.
චීන නායක ෂී ජින්පිං සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගීවීමට නියමිත බීජිං සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු 31 සිට අප්‍රේල් 2 දක්වා ය.