Alerte infoInternational
යුද්ධයට එරෙහිව ස්පාඤ්ඤයෙන් තවත් ඉදිරි පියවරක්....

ඉරානයට එරෙහිව සිදු කරනු ලබන ඇමරිකානු සහ ඊශ්‍රායල් ප්‍රහාරයේ දී එක්සත් ජනපදයට තම ගුවන් කඳවුරු භාවිතා කිරීම ප්‍රතික්ෂේප කළ ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස්, මේ වන විට ස්පාඤ්ඤය ඊශ්‍රායලයේ සේවය කළ ස්පාඤ්ඤ තානාපතිනි ඇනා සලමොන් පෙරෙස්ව දැන් ඊශ්‍රායලයන් ඉවත් කරගෙන තිබේ.
ඊශ්‍රායලයේ සිටි ස්පාඤ්ඤ තානාපතිනියව මෙසේ ඉවත් කර ගෙන ඇත්තේ, ඊශ්‍රායලය ඉරානය ආක්‍රමණය කිරීම සහ ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරයට විරෝධය පළ කිරීම සඳහා ය.
අගමැති පේද්‍රෝ සැන්චෙස්ගේ නායකත්වයෙන් යුත් ස්පාඤ්ඤ රජය, පලස්තීනුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීම සහ ගාසා තීරයේ විනාශය හෙළා දකින යුරෝපයේ වඩාත්ම ප්‍රසිද්ධ රජයකි.