යුද්ධය හදිසියේ ආරම්භ වූ එකක් ද?

ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව 2026 පෙබරවාරි මස 28 ආරම්භ කළ යුද්ධය මේ වන විටත් ඉතා උණුසුම් තත්ත්වයකින් පවතී.
යුද්ධය ආරම්භ වූයේ, ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයේ හමුදා හා න්‍යෂ්ටික සම්බන්ධ ස්ථානවලට විශාල ප්‍රහාරයක් එල්ල කරමිනි. එම මෙහෙයුම “Operation Lion’s Roar” ලෙස නම් කෙරිණි.
එම ප්‍රහාරය තුළ ටෙහෙරානය ඇතුළු නගර කිහිපයක මිසයිල ගබඩා, ගුවන් ආරක්ෂණ පද්ධති සහ හමුදා කඳවුරු ඉලක්ක වී තිබුණි. යුද්ධයට දැන් සති දෙකක් සම්පූර්ණ වී තිබේ. ඇමරිකා–ඊශ්‍රායල හමුදාව ඉරානය තුළ ඉලක්ක විශාල ප්‍රමාණයකට ගුවන් ප්‍රහාර සිදු කර තිබෙන අතර ඉරානය ද ඊට ප්‍රතිචාර වශයෙන් මිසයිල සහ ඩ්‍රෝන මඟින්
මැදපෙරදිග කලාපයේ ඇමරිකා හමුදා කඳවුරු වලට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.
මරණ සහ හානි...
ඉරානය තුළ 1300 කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති බව වාර්තා වෙන අතර
ඉරාන මිසයිල ප්‍රහාර වලින් ඊශ්‍රායලයේත් සිවිල් මරණ වාර්තා වී ඇත.
මැද පෙරදිග පිහිටි බහරේන්, කුවේට්, කටාර්, සවුදි අරාබිය වැනි රටවල ඇමරිකා කඳවුරු ඉලක්ක කර ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර යුද්ධය, කලාපය පුරා පැතිරෙන ලකුණු පෙන්නුම් කරමින් ඉරානයට සම්බන්ධ මිලීෂියා කණ්ඩායම් (Iraq, Lebanon වැනි රටවල) ද ඇමරිකා හා ඊශ්‍රායල ඉලක්ක වලට ප්‍රහාර එල්ල කරමින් ඇත.
නවතම තීරණ.....
මේ අතර ඇමරිකාව, ඊශ්‍රායලයට ඩොලර් මිලියන 151 කට වැඩි බෝම්බ සහ අවි විකිණීම අනුමත කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි. එය, යුද්ධය තවදුරටත් දිගු වීමට ඉඩ තිබෙන බව පෙන්වන ලකුණක් ලෙස විශ්ලේෂකයන් හඳුන්වයි.
යුද්ධය හදිසියේ ආරම්භ වූ එකක් ද?
මෙම යුද්ධය හදිසියේ ආරම්භ වූ එකක් නොවේ. සැබැවින්ම මෙය වසර ගණනාවක් පුරා එකතු වූ දේශපාලන, හමුදා සහ බලය පිළිබඳ තරඟ වල ප්‍රතිඵලයකි. එය සෘජු යුද්ධයක් බවට පත් වූයේ 2026 පෙබරවාරි 28 දින ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ගුවන් ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ ය.
යුද්ධය ආරම්භ වීමට ප්‍රධාන හේතු 5 ක්...
1️⃣ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන (Nuclear Program)
ඉරානය, න්‍යෂ්ටික බෝම්බයක් සෑදීමට උත්සාහ දරන බවට ඊශ්‍රායලය සහ ඇමරිකාව මත පළ කරන්නට විය. ඊට පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට බටහිර මාධ්‍ය ක්‍රියා කළේය.
ඊශ්‍රායලයේ සහ ඇමරිකාවේ අදහස වූයේ,
ඉරානය න්‍යෂ්ටික අවි ලබා ගත්තොත් මැදපෙරදිග බල තුලනය කැඩෙන බවය.
ඒ අනුව ඉරානයේ න්‍යෂ්ටික කාර්යාල, මිසයිල් ස්ථාන සහ හමුදා කඳවුරු ඉලක්ක කරලා ප්‍රහාර එල්ල කළහ.
2️⃣ ඉරානයේ මිසයිල් වැඩසටහන
ඉරානය දිගු දුර බැලිස්ටික් මිසයිල් සංවර්ධනය කරමින් සිටින රටකි. මේ මිසයිල් ඊශ්‍රායලයට සහ මැදපෙරදිග කලාපයේ ඇමරිකා කඳවුරු වලට තර්ජනයක් වන බවට ඇමරිකානු ආණ්ඩුව ප්‍රකාශ කළේ ය.
3️⃣ මැදපෙරදිග “Proxy Groups”
ඉරානය, ලෙබනනයේ Hezbollah, යෙමනයේ Houthis සහ ඉරාක මිලීෂියා භටයින් වැනි කණ්ඩායම්වලට අවි සහ මුදල් දෙන බවට චෝදනා තියෙන බව ඇමරිකාව සහ ඊශ්‍රායලය කියති. මේ කණ්ඩායම් ඔවුන්ට එරෙහිව යුද්ධ කරන බව ඊශ්‍රායලය කියා සිටී.
4️⃣ ඊශ්‍රායලයේ ආරක්ෂක භය
ඊශ්‍රායලය සෑමවිටම කියන ප්‍රධාන දේ වන්නේ, “ඉරානය අපව විනාශ කරන්න උත්සාහ කරනවා” යන්න ය. ඒ නිසා
ඉරානය ශක්තිමත් වෙන්න පෙර
එහි හමුදා හැකියාව කඩා දැමීම ඔවුන්ගේ අරමුණ බව ඔවුන් කියති.
5️⃣ හදිසි trigger එක (2026 attack)
2026 පෙබරවාරි 28 වැනි දින ඇමරිකා සහ ඊශ්‍රායල හමුදා එක්ව ඉරානයේ නායකයන් සහ හමුදා ඉලක්ක වලට විශාල ප්‍රහාරයක් කළ අතර එම ප්‍රහාරයේදී ඉරානයේ උසස් නායකයන් කිහිප දෙනෙකු මරණයට පත් විය. ඉන් අනතුරුව ඉරානය මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර මඟින් ප්‍රතිප්‍රහාර සිදු කළා.
පූර්ණ යුද්ධය ආරම්භ වූයේ එතැනින් ය.
සරලව පැවසුවහොත් මෙම යුද්ධයට මුල් වූ හේතු 3ක් තිබේ. ඉරානයේ න්‍යෂ්ටික අවි සැකය, ඉරානයේ මිසයිල් සහ කලාපීය බලය වැඩි වීම සහ ඊශ්‍රායලය–ඉරානය අතර දශක ගණනාවක් පැවති සතුරු සම්බන්ධය ය.
ජගත් බන්ධු ✍️