Back to home
Alerte infoInternational

ඉරානයට එරෙහි යුද්ධය නිසා යුරෝපා සංගමය තුනට බෙදෙයි....

ඉරානයට එරෙහි යුද්ධය නිසා  යුරෝපා සංගමය තුනට බෙදෙයි....

ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදු කරනු ලබන ප්‍රහාරය සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) සහ ඊට අයත් රටවලට එකම ස්ථාවරයක පිහිටා කටයුතු කිරීමට නොහැකි වී තිබේ. 


මේ වන විට යුරෝපා සංගමයට අයත් රටවල් අතර පැහැදිලි බෙදීම් ඉස්මතු වී පෙනෙන්නට පටන් ගෙන තිබේ. සමහර රටවල් ප්‍රහාරයට සෘජු ලෙස විරුද්ධය. සමහර රටවල් ඊට අර්ධ සහය දක්වයි. තවත් සමහර රටවල් යුද්ධයට එක් නොවීම පාර්ශව දෙකම සන්සුන් වීමට කැඳවීමට සහ සාකච්ඡා හරහා ගැටළුව විසඳීමට උත්සාහ දරයි. 


යුරෝපා සංගමය (EU) සහ ප්‍රධාන යුරෝපීය රටවල් වෙන්වෙන්ව ගත් ස්ථාවරයන් සරලව දක්වතොත්, ඒවා පහතින් දක්වා ඇති පරිදි ය.


1. යුරෝපා සංගමයේ (EU) සමස්ත ස්ථාවරය වන්නේ, යුද්ධය තවත් විශාල ප්‍රාදේශීය ගැටුමකට හැරෙන අවදානම ගැන අවධානය යොමු කර, ඉක්මන් සන්සුන් කිරීමකට, ගැටුම් අවම කිරීමට (de-escalation) සහ දූතකථන විසඳුම ඉල්ලා සිටීමය.


සමහර අවස්ථාවල ඉරානයේ ප්‍රහාර (විශේෂයෙන් Gulf රටවලට) දැඩිව හෙළා දැකීමට මෙන්ම ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගෞරව කරන ලෙස ඉල්ලීම් කරති. සරලව කියනවා නම්, යුරෝපා සංගමය යුද්ධයට සෘජු සහය නොදක්වමින්, තත්ත්වය පාලනය කර ගැනීමට සාකච්ඡා, සම්මුති සහ මැදිහත්කම් ඉල්ලා සිටී.


2. ප්‍රහාරය විවෘතව විවේචනය කළ යුරෝපා සංගමයේ රටවල්..

-------------------------------------

🇪🇸 ස්පාඤ්ඤය


ඉරානයට එරෙහිව සිදු කරනු ලබන මෙම ප්‍රහාරය, යුරෝපා සංගමය තුළ ප්‍රථමයෙන්ම සහ දැඩි ලෙස විවේචනය කළ රට ස්පාඤ්ඤය යි.


ස්පාඤ්ඤය මෙම ප්‍රහාරය “අසාධාරණ සහ ජාත්‍යන්තර නීතියට පටහැනි” බව කියා සිටියා පමණක් නොව, ඇමරිකානු හමුදාවට ස්පාඤ්ඤයේ හමුදා මූලස්ථාන භාවිතයට පවා ඔවුන් ඉඩ නොදුන්හ 


🇫🇷 ප්‍රංශය


ප්‍රංශය මෙම ඇමරිකානු-ඊශ්‍රායල් ප්‍රහාරය ජාත්‍යන්තර නීතියට පිටින් සිදු වූ බව පැවසූ අතර, යුද්ධයට සෘජු ලෙස එක් නොවීය. ඔවුන්ගේ අදහස වී ඇත්තේ මෙම ගැටුම් අවම කිරීමට කටයුතු කළ යුතු බවයි. එසේම සාකච්ඡා, සම්මුති සහ මැදිහත්කම් හරහා ගැටළුවට විසඳුමක් ඉල්ලා සිටියි.



3. සෘජු ලෙස යුද්ධයට සම්බන්ධ නොවුණත්, ආරක්ෂක සහය දක්වන රටවල්...

------------------------------------------

🇬🇧 බ්‍රිතාන්‍යය


බ්‍රිතාන්‍යය ප්‍රහාරයට සෘජුව එක් වී නොමැත.

එහෙත් ප්‍රදේශයේ ආරක්ෂක හමුදා සහ බේස් ආරක්ෂාව වැඩි කිරීමට ක්‍රියා කොට ඇත. ඒ අතර යුද්ධය තවදුරටත් පුළුල් නොවිය යුතු බව ද කියා සිටී.


🇧🇪 බෙල්ජියම


බෙල්ජියම, ප්‍රහාරය නීතිමය වශයෙන් ප්‍රශ්නකාරී බව කියයි. නමුත් ඉරාන ආණ්ඩුවට එරෙහි ක්‍රියාවලියේ අරමුණ සමහර අයට සාධාරණ ලෙස පෙනිය හැකි බව ද  ඒ අතරම කියා සිටියි. කෙසේ නමුත් ඔවුන් යුද්ධයට සෘජු ලෙස එක් වී නැත.


🇩🇪 ජර්මනිය


ජර්මනිය, ප්‍රහාරයට සෘජු සහය නොදක්වයි.

ඉරානයේ ප්‍රාදේශීය ක්‍රියාකාරකම් ගැන චෝදනා කරන අතරම, සාකච්ඡා, සම්මුති සහ මැදිහත්කම් හරහා ගැටළුවට

විසඳුම ඉල්ලා සිටී. 



4. ඇමරිකා-ඊශ්‍රායල් ක්‍රියාමාර්ගයට සාපේක්ෂව සහය දක්වන යුරෝපීය හඬවල්...

------------------------------------

ඉරානයට එරෙහිව Israel සහ United States ගත් ක්‍රියාමාර්ගය ගැන සමහර නැගෙනහිර යුරෝපීය දේශපාලන කණ්ඩායම් සාපේක්ෂව සහය දක්වන අදහස් පළ කර තිබෙන අතර, එම අදහස් ඒ රටවල්වල නිල රාජ්‍ය ස්ථාවරය නෙවෙයි. බොහෝවිට මෙවැනි අදහස් පළ කර ඇත්තේ දේශපාලන පක්ෂ, ආරක්ෂක විශේෂඥයන්, හෝ පාර්ලිමේන්තු සාමාජිකයන් වැනි කණ්ඩායම්. 


ඉරාන න්‍යෂ්ටික වැඩසටහන හා ආරක්ෂක අවදානම හේතුවෙන්, US-Israel ක්‍රියාමාර්ගයට උපරිම  ලෙස සහය දක්වන්නට යුරෝපය සූදානම් විය යුතු බවයි ඉහත සඳහන් කණ්ඩායම් වල අදහස.


එම කණ්ඩායමේ දක්නට ඇත්තේ පෝලන්තය, එස්තෝනියාව, චෙක් ජනරජය සහ ලිතුවේනියාව කියන නැගෙනහිර යුරෝපීය රටවල් වලයි. 


කෙසේ වෙතත් මේ අනුව පෙනී යන්නේ යුරෝපා සංගමය තුළ ප්‍රධාන බෙදීම් තුනක් පවතින බව ය. යුරෝපා සංගමය තුළ සිටින ප්‍රධාන කණ්ඩායම් තුන වන්නේ,


1️⃣ ප්‍රහාරයට විරුද්ධ (Spain, partly France)


2️⃣ නිරපේක්ෂ + ආරක්ෂක සහය (UK, Germany, Belgium etc.)


3️⃣ US-Israel හමුදා ක්‍රියාමාර්ගයට සාපේක්ෂව සහය දක්වන කණ්ඩායම් නැගෙනහිර යුරෝපයේ සමහරක් (some Eastern Europe)


මෙම බෙදීම් නිසා යුරෝපා සංගමයට එකක් ලෙස, එකම ස්ථාවරයකට එන්නට අපහසු වී  තිබේ.


ජගත් බන්ධු ✍️